මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම අද (13) පැවැත් වෙමින් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ආසන සංවිධායක හා ප්‍රාදේශිය සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදීපන් ට පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකු වීදුරුවකින් හිසට පහර දීම තුවාල සහිතව රෝහල්ගත වීමට සිදු වී තිබේ.
එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනියවන ලංකා කම්කරු කොංග්‍රසයේ ගොවින්දන් සෙම්බගවල්ලි ගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම අද (13) පෙරවරු 10.00 ට ආරම්භ කර ඇත.
රැස්වීම පවත්වමින් තිබියදී මස්කෙළිය නගරයේ අනවසර ඉදි කිරිම් වලට විරෝධය දක්වමින් තමන් සභාව ප්‍රශ්න කරමින් සිටියදී පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකු වන එස්.ඒ.දිසානායක විසින් විදුරුවක් අතැතිව පැමිණ තමන්ගේ හිසට පහර දී තුවාල සිදුකළ බව පෙරියසාමි ප්‍රදිපන් පැවසීය.
උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ඇතිවූ ගැටුම නිසා ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට සභාපතිනිය පියවර ගෙන තිබේ. පහර දීම සිදුකළ බව කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රි එස්.ඒ.දිසානායක තමන්ට පෙරියසාමි ප්‍රදීපන් පහර දුන් බව පවසා රෝහල් ගතව ඇත.
මස්කෙළිය ප්‍රදේශයේ තම පාක්ෂිකයෙකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ඉදි කිරිමට සභාවෙන් අවසර ලබාගෙන එම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු සිදු කරන අවස්ථාවේ එය ඉදි කරනවාට අකමැති පාර්ශවයකට සහයෝගය දක්වා පෙරියසාමි ප්‍රදීපන් සභාව තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් තවත් මන්ත්‍රීවරයෙකුට පහර දීමට උත්සහ කළ අවස්ථාවේ එය වලක්වා ගැනිම සදහා තමන් අත තිබූ වීදුරුවකින් ඔහුට ප්‍රහාරයක් එල්ල කළ බව දිසානායක පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.







