සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්ලවපොර තෝරගත්තෙ නැතිනම් මම නැටුම් ශිල්පිනියක්   – නෙත්මි අහිංසා කියන කතාව!

බර අඩුකරන්න මල්ලවපොර ක්‍රීඩාවට ආපු මහත කෙල්ල රට ගෙනාපු දුර....

by editor
අගෝස්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

මල්ලවපොර ක්‍රීඩාවක් ලෙස තොරානොගන්නට ඒ පොඩි කෙල්ල විශිෂ්ට නර්තන ශිල්පිණියක් වෙන්නට තිබිණි.   රටේ වාසනාවට ඇය මල්ලවපොර ක්‍රීඩාව තෝරා ගත්තාය.

වන්නියේ දුර්භෝගම වළඳමින් ගෙවූ ජීවිතය අභියෝගයක් කරගෙන ස්වකීය  පුහුණුකරු වූ කෝප්‍රල් ටී. එස්. සුරංග ගේ මග පෙන්වීම යටතේ ලී කුඩු ගොඩක් මත ඇය ආරම්භ කළ පුහුණුව දැන් රටේ ප්‍රාර්ථනා සපල කර ඇත.

අපි නෙත්මි අහිංසා පෝරුතොට සමග කෙටි පිළිසඳරක යෙදුනෙමු.

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී   කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය යටතේ මල්ලවපොර තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගත් 18 හැවිරිදි කෙල්ල ඇයය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූ පළමු අවස්ථාව මෙයය.   ලංකාවට පදක්කමක් දිනා දුන් ලාබාලත ම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වන්නේ නෙත්මි ය.පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගත් ඔස්ට්‍රේලියාවේ අයිරින් සිමියෝනිඩිස් සමග කරට කර තරග කළ නෙත්මි මෙම තරගයේදී පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තා ය. අවසන් පූර්ව වටයේදී ඇය හා තරග වැදුනේ පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මල්ලවපොර ඉසව්වෙන් ඉන්දියාවට පළමුවරට පදක්කමක් දිනා දුන් අන්ෂු මාලික් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලෝකඩ පදක්කම සඳහා වූ තරගය අතරතුර….

රන් පදක්කමක් දිනා ගැනීමට නෙත්මි තුළ වූ සිහිනය මෙවර බොඳවී ගිය ද ඇය ලෝකඩ පදක්කම වෙනුවෙන් සිත දැඩි කර ගත්තා ය. තරගය පවතින අතරතුර දී විස්තර විචාරකයින් පවා පැවසූවේ ළාබාල වියේ පසු වන ශ්‍රී ලංකාවේ පුංචි කෙල්ල පහසුවෙන් පරාජයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවට හැකි වනු ඇති බව ය. එහෙත් නෙත්මි තම හැකියාවෙන් පහසු ජයක් ලබා ගත්තා ය.

“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට කලින් මම හංගේරියාවේදී පුහුණුවක් ලබා ගත්තා. කඹේ එල්ලිලා යාම මල්ලවපොර ක්‍රීඩාවට හොඳ පුහුණුවක් වෙනවා. අපි කරපු හැම පුහුණුවක් ම මම පොතක ලිව්වා.“

“පුහුණුවීම් කරද්දී දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. මගේ පුහුණුකරු කෝප්‍රල් ටී. එස්. සුරංග කුමාර මහතා ඉතා ම කැපවීමෙන් මට පුහුණු කිරීම් කළා. මගේ පුහුණුකරුගේ ක‍කුලක් කැඩිලා තියෙන්නේ. ඒත් ඔහු ඒ වේදනාවන් මගහරවා ගනිමින් මට පුහුණු කළා. “

“මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට හවස් කාලයේදී මගේ පුහුණුකරු තමන්ගේ සේවා ස්ථානයේ සිට බොහෝ දුරක් ගෙවා ගෙන සමහර දවස්වලට වැස්සේ තෙමීගෙන ඇවිත් මට පුහුණුව ලබා දුන්නා. ඇත්තටම ඔහු දෙවි කෙනෙක් වගේ පුද්ගලයෙක්. තමන්ගෙ නොවෙන කෙනෙක් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය කැප කරලා ඒ තැනැත්තාව ගොඩ දාන්නෙ නෑ මිනිස්සු. එහෙම අය ඉන්නවා කියලා ලෝකයට පෙන්වන්න පුලුවන්. ඒ තමයි මගෙ මාස්ටර්.“

මගේ ඊළඟ බලාපොරොත්තුව ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීම යි. ඒ සඳහා තරග රැසකට සහභාගී වෙලා ජයග්‍රහණ ලබා ගෙන සුදුසුකම් සපුරාගත යුතුයි.“

“ඒ වගේ ම ප්‍රතිවාදියා සමග තරග කිරීමේදී එකිනෙකා සමග තරග කළයුතු ආකාරයන් වෙනස් වෙනවා. ඒවා වෙන වෙන ම අධ්‍යයනය කළ යුතුයි. විදේශ රටවල මල්ලවපොර ක්‍රීඩිකාවන්ගේ ඉරියව් හා ඔවුන් තරග කරන ආකාරයන් පිළිබඳ ව මගේ පුහුණුකරු මට අවබෝධයක් ලබා දෙනවා. වීඩියෝ බලමින් ඒ අයගේ තරග විලාසයන් ගැන සොයා බලනවා. ඔලිම්පික් සිහිනය ජය ගන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා. ඒ වගේ ම ඒ වෙනුවෙන් කැප වෙනවා.”

ආර්ථික අපහසුතා බොහෝමයක් මැද මෙවන් ගමනක් යන නෙත්මිට පුහුණුවීම් කරන්න මෙට්ටයක්වත් තිබුණේ නැත. ඇය පුහුණුවීම් කළේ ලී කුඩු ‍ගොඩක සිට ය. මාධ්‍යවලින් ඇගේ ජයග්‍රහණ පිළිබඳ පුවත් පළ වීමත් සමග ම පුහුණුවීම් සඳහා ඇයට මෙට්ටයක් ලැබුණි.

සහෝදරියන් දෙන්නෙක් හා සහෝදරයෙක් සහිත පවුලේ දෙවැනි දියණිය නෙත්මි ය. මව ගෘහණියකි. පියා පෙදරේරු කර්මාන්තයේ යෙදෙන අයෙකි.

“අපට උගන්වන්න, කන්න, අඳින්න දෙන්න අම්මා යි, තාත්තා යි ගොඩාක් මහන්සි වෙනවා. විශේෂ පෝෂණ ආහාර ලබා දෙන්න අපේ අම්මාටයි, තාත්තාටයි ලොකු හයියක් නැහැ. ගමේ අල බතල කොස් දෙල් කාලා මම උනන්දුවෙන් පුහුණුවීම් කළා.“

“මම ඉගෙනුම ලබන්නේ වෙල්පල්ල ශ්‍රී සංඝරතන මහා විද්‍යාලයේ යි. එහි විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයෙන් මට විශාල සහායක් ලැබෙනවා. “

“මම පාසලේදී ක්‍රීඩාවට උනන්දු වුණු ළමයෙක් නෙවෙයි. මම අධ්‍යාපනයට නැඹුරු වුණු කෙනෙක් වගේ ම නර්තනය අංශයෙන් පළාත් හා කළාප තරගවලින් ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. කවපෙත්ත විසි කිරීම, යගුලිය දැමීම වගේ තරගවලට සහභාගි වෙලා තියෙනවා. පසුව තමයි මේ ක්‍රීඩාව හඳුනාගෙන මම මේ ගමන ආරම්භ කළේ.  මම මල්ලවපොර ක්‍රීඩාවට යොමුවුනේ මගෙ යාළුවා චමෝද්‍යා නිසා. එයා මේ සැරේ මල්ලවපොර 53 බර පන්තිය නියෝජනය කළා.  ඉතින් එයා තමයි මුලින්ම තාත්තගෙන් ඇහුවෙ  මාව මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ කරගන්න. තාත්තා කැමති වුනේ ඇයි දන්නව ද?. ඒ දවස්වල මම ටිකක් මහතයි. කිලෝ 68ක් බර. ඉතින් මගේ සෞඛය ගැන හිතලා තමයි තාත්තා මට ක්‍රීඩාව කරන්න අවසර දුන්නේ.   එතනින් ආරම්භ කළ මල්ලවපොර ක්‍රීඩාවෙන් තමයි   මේ තරම් දුරක් ආවේ… “

“ඒ ගමනේදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම් ප්‍රධාන නිලධාරි මණ්ඩලය අපට විශාල සහායක් වුණා. එම කමිටුවේ කෞෂල්‍යා දන්තනාරායන මිස්, මැක්සි සර් අප ව මේ තරගයට යවන්න ගොඩාක් උනන්දු වුණා. මල්ලවපොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා, එහි ලේකම් අජන්ත මහතා, ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු තව බොහෝ අය සහාය වුණා. “

“මගේ පුහුණුකරු යුධ හමුදාවේ කෝප්‍රල් සුරංග මහතා ව මෙම පුහුණු කිරීම් සඳහා නිදහස් කර දුන් යුධ හමුදාවේ නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. මල්ලවපොර සංගමයේ සභාපතිතුමා මැදිහත් වෙලා යුධ හමුදාපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව කෝප්‍රල් සුරංග මහතා වෙත මාව පුහුණුවීම් සඳහා යොමු කෙරුණා. “

“මේ ජයග්‍රහණයට මග විවෘත වුණේ එහෙම යි.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රතිජීවක ඖෂධ තබා පුළුන්වත් නෑ… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය බිහිසුණු අනතුරක… 

Next Post

හිටපු ජනපතිට රටට ඇවිත් ජීවත්වෙන්නට සුදුසු පරිසරයක් හදා දෙන්න… මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.