හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙරට ජීවත්වීමට යහපත් පරිසරයක් හදා දෙන ලෙස ඉල්ලමීන් සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ඕෂල හේරත් විසින් අද (12 ) මාවන හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු එම අවස්ථාව සලසා දෙන ලෙස පෙත්සම්කරු මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබිණි.
ජනතා නැගිටීමෙන් පසු පසුගිය 13 වැනිදා මාලදිවයිනට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අනතුරුව දින 28ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටියේය.
සිංගප්පූරුවේ සිට පුද්ගලික ගුවන් යානයකින් බැංකොක් බලා ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂට දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවීමේ හා තායිලන්තය අපහසුතාවයට පත් කරන කිසිම ක්‍රියාවලියකට සහාය නොදීමේ පදනම මත දින 90 කාලයක් සඳහා තායිලන්තයේ රැඳී සිටීමේ අවසර ලබා දී තිබේ.
එම කාලය තුළ සිදුසු පියවරක් ගෙන කැමති රටකට යෑම සඳහා අවශ්‍ය පරිසරය සදා ගත හැකි බව තායිලන්තය දන්වා ඇත.
හිරු –