කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය තුළ ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සහ ශල්‍ය ද්‍රව්‍ය නොමැති විමෙන් රෝගීහු දැඩි අනතුරකට මුහුණ දී ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස් මැදිවත්ත සඳහන් කරයි.
හදිසි අනතුරකට ලක්ව හදිසි අනතුරු අංශයට ගෙන එන රෝගීන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධවල උග් රහිඟයක් මේ වන විට මතුව ඇති බැවින් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි ඔහු පවසයි.
හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්‌ගේ තුවාලයේ ස්වාභාවය මත ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ වෙනසන් වන අතර ඇතැම් රෝගීන්ට ඉතාමත් සුදුසු ප්‍රතිජීවක ඖෂධය වෙනුවට ආදේශක ප්‍රතිජීවක ඖෂධලබා දීමට සිදුවන බවද සභාපතිවරයා කියයි.
මීට අමතරව හදිසි අනතුරු අංශ්‍ය තුළ පුළුන් , කැතීටර්, බැන්ඩේජ්, ග්‍රෝස් වැනි ශල්‍ය ද්‍රව්‍යපවා නොමැති බව හෙළි වේ.
මේ තත්ත්තවය තුළ හදිසි අනතුරකට පත්ව පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය නිවැසියන් ලවා ගෙන්වා ගැනීමට සිදුවන අවස්ථාවන් බහුල බව සභාපති මැදිවත්ත පෙන්වා දෙයි.
“අතැම් අවස්ථාවන් වලදී තුවාලයට පුළුන් නොදා ප්ලාස්ටර් අලවන්නවෙලා තියනවා…“ ඔහු කිවේය.
හදිසි අනතුරුවලට ලක්ව ප්‍රතිකාර ලබා ගැනිම සදහා දිනකට රෝගීන් 100 දෙනෙකු පමණ හදිසි අනතුරු අංශය වෙත පැමිණෙනති…