බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මයන්ත ට තනතුර බාර ගන්න කියල මම කීවේ නෑ ! මයන්ත තමයි මට කතා කළේ  – කථානායක

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය බාර ගන්නා ලෙස තමන් දුරකථනයෙන් කතා කර මයන්ත දිසානායකගෙන් ඉල්ලීමක් නොකළ බවත් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ මයන්ත දිසානායක   බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන   අද (24) පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේය.

එසේම    නව වැනි පාර්ලිමෙන්තුවේ හතරවැනි සැසියේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා සභාපතිකමට ආචාර්ය හර්ෂ ද සිලවා   පත් කිරීම පිළිබඳව සලකා බැලිය හැකි බව කීවත් ඔහු පත් කිරීම සම්බන්ධයෙන්  අවසන් තීරණයකට තමන් එකඟ නොවූ  බවද කථානායකවරයා සඳහන් කළේය.

කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට විපක්ෂයෙන් යෝජනා කළ ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට ආණ්ඩු පක්ෂයේ යෝජනාවෙන් විපක්ෂ මන්ත්‍රිවරයක්වන මයන්ත දිසානායක ම පත් කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි ඇති වු සංවාදයේදීය.

එහිදී පාර්ලිමෙන්තු මන්තක්‍රි රාවුෆ් හෙකීම් පවසා සිටියේ තමන් ට ඊයේ මයන්ත දසානායක හමුවූ බවත් එහිදී ආචාර්ය හර්ෂ ට ලබා දීමට තිබූ තනතුරට භාර ගත්තේ ඇයිදැයි විමසූ අවස්ථාවේ තමන්ට කථානායකවරයා දුරකථන ඇමතුමක් ලබා දී මෙම තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කළේ යයි සඳහන් කළේය.

එයට පිළිතුරු දෙමින් කථනායකවරයා පැවසුවේ තමන් මයන්ත දිසානායකට ඇමතුමක් ලබා නොදුන් අතර මන්ත්‍රිවරයා විසින් ඔහුට දුරකථන ඇමතුමක් දෙන ලද බවයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල  කීවේ  පසුගිය අගෝස්තු 21 තේරීම් කාරක සභාවේදී  කථානායකවරයා   ආචාර්ය හර්ෂ ද සිල්වා කමිටුවේ   සභාපතිවරයා ලෙස පිළිගැනෙීමට සලකා බලන බව සඳහන් කළ බවය. ඒ අනුව කථානායකවරයා මෙම තනතුර ආචාර්ය හර්ෂ ද සිලවාට ලබා දීම පිලිගෙන ඇති බවත් එපමණක් නොව “අද මේක ඉවර කරමු” යනුවෙන් ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

පාර්ලිමෙන්තු ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුවේ සභාපති ධූරයට විපක්ෂ මන්ත්‍රිවරයකු පත් විය යුතු බවත් එයින් අදහස් වන්නේ විපක්ෂය යෝජනා කරන කෙනකුට මෙම තනතුර ලබා දීම බවත් සඳහන් කළ අතර නමුත් ඊයේ දිනයේදී සිදුවූයේ ආණ්ඩු පක්ෂයේ අවශ්‍යතාවට විපක්ෂ මන්ත්‍රිවරයකු පත්වීම බව පෙන්වා දුන්නේය.

කථානායකවරයා හැමදාම පාර්ලිමේන්තුවේ පැවති නීති රාමුව කඩ කළ බවද පක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා චෝදනා කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අංශ ගෙන්වූ එක්ස් කිරණ ඡායා පටල ලක්ෂ 05ක් කල් ඉකුත් වීමට ආසන්නයේ…

Next Post

ඉන්දියාවෙන් හා චීනයෙන්, ගෝලීය වර්ධනයට වැඩි දායකත්වයක් ලැබෙනු ඇතැයි අයිඑම්එෆ් පවසයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.