ශ්‍රියානි විජේසිංහ –
එක්ස්කිරණ ඡායාපටල පිරිසිදු කිරිම සඳහා භාවිත කරන රසායනිකයන් නොමැති වීමෙන් ඡායාපටල ලක්ෂ 5ට ආසන්න ප්‍රමාණයක් ලබන අප්‍රේල් මාසය තුළ කල් ඉකුත්විමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඡායාපටල වෙනුවෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය වැය කර ඇති බවද තහවුරුවී ඇත.
කෙසේ නමුත් මෙම ඡායාපටල මිලදී ගැනීමේදී ඒවා පිරිසිදුකිරීමට අවශ්‍ය රසායනික වර්ග දෙක වෙනුවෙන් මිලදි ගෙන ඇත්තේ එක් රසායනිකයක් පමණක් වන බැවින් මෙම ඡායාපටල භාවිතයට ගත නොහැක වි ඇතැයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මෙම ඡායාපිටත් 262,900ක් වෛද්‍ය සැපයුම් අංශයේද 236, 400ක් රෝහල්වෙත ද බෙදා හැර ඇතැයි ඔහු පෙන්වාදේ.
අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් නිසි කළමණාකරණයක් නොමැතිව කටයුතු කිරිම හේතුවෙන් මෙවැනි අපතේ යෑම් සිදුවන බව ඔහු කීවේය.