දිනසේන රතුගමගේ –
තිරික්කල් රේස් තරගයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මන්නාරමේ නොච්චිකුලමේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනෙකු හඳුනගෙන ඇතැයි මන්නාරම උයිලන්කුලම පොලීසිය අද ( 12 ) පැවසීය.
මෙම සැකකරුවන් 16 දෙදෙනාම මේ වන විට පළාතෙන් පළාගොස් සැගවී සිටින බවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට සියලුම පොලිසි ස්ථානවල සහයෝගය ඉල්ලා ඇති බවත් ප්‍රකාශ කළ උයිලන්කුලම පොලීසිය පසුගිය සෙනසුරාදා ඇති වු සිද්ධියෙන් අමානුෂික අන්දමට කපා කොටා ඝාතනය කොට ඇත්තේ වයස අවුරුදු 33 ක හා අවුරුදු 42 ක සහෝදරයින් දෙදෙනෙකු බවද සදහන් කළේය.
මියගිය දෙදෙනාගේ මළ සිරුරු අධිකරණ නියෝග මත යාපනය ශීක්ෂණ රෝහලට පරීක්ෂණ කටයුතු සදහා යවා ඇති අතර මේ සිද්ධියෙන් පසුව මන්නාරම උයිලන්කුලමේ හා නොච්චිකුලමේ ප්‍රදේශ වැසියෝ දැඩි භීතියකට පත්ව සිටිති.
උයිලන්කුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.







