fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන දෙන බවකී පොලිස් ඉන්ධන පිරවුම්හලේ  පොම්පයට වුන දේ පොලිසිය කියයි  …

ඇමති අණින් ඉන්ධන ලබාදීම අත්හිටුවයි!  

1 මාසයක් ago
in පුවත්
573 6
0
Share on FacebookShare on Twitter

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පොම්පය අවුරුදු කිහිපයකින් යාවත්කාලීන කර නොමැති බව   විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව වෙළඳපොළ මිලට හෝ එම පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන ලෙස දැනුම්දී  ඇතැයි අමාත්‍යවරයා කියයි.   මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස දැනුම් දී ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන්ට සහන මිලකට ඉන්ධන ලබා දෙන බවට ඡායාරූපත් සහිතව සමාජ මාධ්‍යයේ පලවූ ප්‍රවෘත්තියෙන් පසු    නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට  උපදෙස් ලබා දුන් පසුය.

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් මන්ත්‍රිවරුන්ට සහන ඉන්ධන ලබා දෙන බවට වූ  ප්‍රවෘත්තිය පලවූ  වහාම ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ  දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිවකුට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවය.

(1) While I do understand the frustration and anger from the public, posts shared on MPs been given subsidized fuel rates is false. No MP from either side or anyone has been given subsidized rates than the current market prices given to the public.

— Kanchana Wijesekera (@kanchana_wij) May 19, 2022

මේ පිළිබඳව පොලිස් රථ වාහන කොට්ඨාසයේ නිලධාරියෙකුගෙන්  කළ විමසීමක දී ඔහු පැහැදිලි කළේ  මෙම පිරවුම්හලෙන් මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලැබුවේ පොලිස් රථ වාහන සඳහා පමණක් බවත් එහිදී වැදගත් වන්නේ මිල ගණන් නොව පිරවුම්හලට ලැබුණු ඉන්ධන ලීටර ප්‍රමාණය     නිකුත් කළේ කෙසේද යන්න බවත්ය.  කිසිම අවස්ථාවක පොලිස් වාහන සඳහා මුදලට ඉන්ධන නිකුත් නොකරන  බව ඔහු පෙන්වා දුන්නේය.  ඒ අනුව ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් පැනනොගුන බව කීවේය.

මේ අවස්ථාවේ ඉක්මන් තීරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉන්ධන ලබා දීමට දුන් නියෝගය මත ඉන්ධන මුදා හැරියේ වෙළෙඳපලේ මිලට බවත්, අත් පිට මුදලට ලබා දුන් එම ඉන්ධන ප්‍රමාණය සඳහා බිල්පත් නිකුත් වී ඇති බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට පොලිස් වාහනයකට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ උපරිම ලීටර තිහකට යටත්ව නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙළෙඳපලේ මිලට   ඉන්ධන නිකුත් කරන්නේ සීමාවක් නැති බවද ඔහු කීවේය.

 

Join @lankasara on Telegram Channel
Previous Post

හෙට අත්‍යාවශ්‍ය  සේවා සඳහා පමණක් වාර්තා කරන්න… අගමැති රජයේ සේවකයින්ගෙන් ඉල්ලයි…

Next Post

සජබයෙන් රෝහල්වලට කෝටි තුනක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධ දෙකක් දෙයි

Related Posts

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

ජූනි 29, 2022
lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

ජූනි 29, 2022

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…
  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

by Lankasara News
ජූනි 29, 2022
0

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist