බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්වීමේ අරමුණින් අධි මාත්‍රාවෙන් ප්‍රබල වේදනා නාශක ගන්නා දරුවන් අපස්මාර රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත වීම වැඩි වෙලා!

by editor
ඔක්තෝබර් 3, 2023
in පුවත්
palm-killers
Share on FacebookShare on Twitter

මත් වීමේ අරමුණ සහිතව කාලක් පුරා ප්‍රබල වේදනා නාශක අධි මාත්‍රාවෙන් ගැනීම හේතුවෙන්      වලිප්පුව හා අපස්මාර රෝග ලක්ෂණ මතුවන පාසල් සිසුන්  රෝහල්ගත වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් ඇති  බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය  ගිහාන් අබේවර්ධන  පවසයි.

මෙම රෝග ලක්ෂණ මතුවූ විට  වලිප්පුව හෝ අපස්මාරය විය යැකි බවට දෙමව්පියන් උපකල්පනය කළත්   ඊට හේතුව මත්වීමේ අරමුණින් වේදනා නාශක පෙති අඛන්ඩව ලබා ගැනීම බව වෛද්‍යවරයා හෙළිදරව් කළේය.

ඔහු මේ බව පැවසුවේ මත් උවදුරින් රට බේරා ගනිමු තේමාව යටතේ අද (03) මහනුවර ශ්‍රී පුෂ්පාදන සමිති ශාලාවේ පැවැත්වූ වැඩසටහනකදී ය.

මේ වන විට  වාර්තා වී තිබෙන දත්ත වලට අනුව හෙරෝයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි  ලක්ෂයක පමණ පිරිසක් මෙරට සිටින බව කී වෛද්‍යවරයා හෙරෝයින් ලබා ගැනීමට නොහැකි වූ විට ඒ වෙනුවට ප්‍රබල වේදනා නාශක භාවිත කිරීමට තරුණ තරුණයින් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට ලක් වූ මවකට ලබා දෙන ප්‍රමාණයකට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රාවක් දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් ද වාර්තා වන බවත් හෙතෙම පැවසුවේය.

මෙයට වසර කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුද 13- 18 අතර පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ පරීක්ෂණයක දී සිසුන් අතරින්  28 % ක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කර තිබෙන බව අනාවරණය වූ බවත් එම 28% අතරින් 69 % ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමක පසුවූ බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මත්ද්‍රව්‍ය ලබා ගන්නා පිරිස  අතරින් 6000 ක් පමණ මත්ද්‍රව්‍ය  එන්නත් කර ගැනීමට පෙළඹී සිටින බව වෛද්‍ය ගිහාන් දසනායක පැවසුවේය.  ඒ අනාරක්ෂිත තත්ත්වය තුළ ඒඩ්ස්, හෙපටයිටීස් වැනි රෝග ව්‍යාප්තවීමේ අවධානමක් ගැන ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ රෝහල් පරිපාලනයට ගැටලුවක් වන මට්ටමට ඇතැම් රෝහල් සේවකියින් වේදනා නාශක හා සිහිනැති කිරීමට භාවිත කරන ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින  බවය.

අදට යෙදුන අමධ්‍යප දිනය නිමිතිකොට ගෙන  මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක   ගේ අදහසට අනුව මහනුවර පොලීසියේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිනි.

මාතලේ, මහනුවර හා ගම්පොළ පොලිස් කොට්ඨාස වල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයින් 300 දෙනෙකු පමණ මෙම වැඩසටහනට සම්බන්ධ වූහ. ඔවුන් ගේ ගැටලු වෛද්‍යවරු හා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමට  ද සංවිධායක මණ්ඩලය පියවර  ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොන්ක්‍රීට් බෝක්කු බටයක් තුළ සිරවී ජීවිතය ඉල්ලා හඩා වැටුන අලි සිඟිත්තා…

Next Post

දෙවැනි පුහුණු තරගයත් ඇෆ්ගනිස්ථානයට පරාදයි… මිත්‍රවරුනි… කළ හැකි හොඳම දේ හිත හදා ගැනීමයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.