දිනකට රුපියල් ලක්ෂ තුනක් ඉක්ම වූ ලාභ ලබමින් තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍යය එන්නත් කරන අතරම මත්ද්‍රව්‍ය ව්‍යාපාර යක් පවත්වාගෙන ගිය මවක හා දියණියක කඩුගන්නාව පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාව රාජවත්ත ප්‍රදේශයේදී පිහිටි ඔවුන්ගේ නිවසේදී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවගේ පුතුන් දෙදනාද මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවන් බවත් වැටලීම සිදුකළ අවස්ථාවේ ඔවුන් නිවසින් පැනගත් බවත් පොලීසිය පවසයි.
අදාළ ප්‍රදේශයට පොලිස් නිලධාරියෙකුට පැමිණීමට හෝ නොහැකි ලෙස ඔත්තුකරුවන් යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම මත්ද්‍රව්‍යය ජාවාරම සිදුකර තිබේ.
මත්කුඩු හා වෙනත් විවිධ මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් වෙත මෙලෙස මත්ද්‍රව්‍ය එන්නත් කර ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සතුව තිබූ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඒ්වාහි ඇති දත්ත අනුව මොවුන් ඇතැම් දිනවල රුපියල් ලක්ෂ 05 ක පමණ මුදල් ගනුදෙනු සිදුකර තිබෙන බව අනාවරණය වී තිබේ.
මෙම මව සහ දියණියට හෙරෝයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන බව පොලීසිය පවසයි.
වැටලීම සිදුකළ අවස්ථාවේ අදාළ නිවස තුළ හා ඒ් අවට තිබී මත්ද්‍රව්‍යය එන්නත් කිරීමට යොදාගන්නා එන්නත් කටු 300 ක් පමණ පොලීසිය සොයාගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් මව පනස් පස් හැවරිදි බවත් දියණිය විසිහත් හැවිරිදි බවත් හෙළිව තිබේ.
මත්ද්‍රව්‍යය එන්නත් කර ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙම ස්ථානයට විශාල පිරිසක් දෛනිකව පැමිණෙන බවට ලද තොරතුරු මත පොලීසිය අදාළ ස්ථානය වටලා ඇත. එක් වරක් මත්ද්‍රව්‍යය එන්නත් කිරීමට රුපියල් 3000 සිට 4000 දක්වා මුදලක් මොවුන් ලබාගෙන තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
කඩුගන්නාව පොලීසියේ අපරාධ අංශ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී රත්නායකගේ මෙහෙයවීමෛන් මෙම වැටලීම සිදුකර ඇත.







