අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් ගොඩගන්න ලංකාවේ මුල් වරට රෝහලක් තුළ පුනරුත්ථාපන ඒකකයක් බිහි වෙයි!

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

මෙරට ප්‍රථම වරට රෝහලක් තුළ ආරම්භ කරන ලද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ඒකකය  “බලාපොරොත්තුවෙ නිවහන” නමින්  මිනුවන්ගොඩ රජයේ මූලික රෝහලේදී  විවෘත කෙරිණ.

ඒකකය විවෘත කළ අවස්ථාව…

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත්  ගේ  ප්‍රධානත්වයෙන් මෙම ඒකකය ඊයේ (18) විවෘත වූයේය.  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කරන ලද මෙම    ඒකකය තුළ  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 20 දෙනෙකු හට නේවාසික ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කිරීමට පහසුකම් සලසා ඇත

මෙම පුනරුත්ථාපන ඒකකය අතිදක්ෂ විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ .

මෙම ඒකකය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පැවති අතර ප්‍රථම පුනරුත්ථාපන රෝගියා නිල වශයෙන් ලියාපදිංචි කිරීම බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්  අතින්   සිදුකළේය  .

ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම…

එහිදී අදහස් දැක්වූ  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂක  වෛද්‍ය ධම්මිකා ජයලත්  මෙසේ කීවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මෙම බලාපොරොත්තුවේ නිවහන යථාර්ථයක් කරන්න අපි සැවොම එක්ව කටයුතු කළ යුතුයි . මෙම ඒකකය මුළු රටටම සේවයක් සිදු කළ යුතු ස්ථානයක්. මෙහි සිදුකරන සේවාවන් විශාල  අභියෝගයක්. එය අපි එක්ව ජයගමු යැයි කීය  .

නව පුනරුත්ථාපන ඒකකය භාර  වෛද්‍ය චමිල් සෙනෙවිරත්නය.

“අද වෙනකොට අපේ දරුවන් විශාල ලෙස මත් රකුසාට ඇබ්බැහි වෙලා තියෙනවා. අපි එදා බැලුවේ මත් රකුසාට බිලි වූ රෝගීන්  එක්කෙනයි. දෙන්නයි. නමුත් දැන් වෙනකොට එම පිරිස දහදොළොස් ගුණයකින් වැඩි වෙලා බව පේනවා. මේ වෙනකොට  වයස අවුරුදු 14, 15 ,16, වයස්වල පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා අපි දකිනවා.

මොන හේතුවක් නිසාද දන්නේ නැහැ අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන ප්‍රමාණය පාලනය කරගන්න අසමත් වෙලා තියෙනවා.  එහෙම වෙන්නේ මත්ද්‍රව්‍ය වලින් යැපෙන පිරිස් වැඩි නිසාදෝ කියලත්  එක වෙලාවකට හිතෙනවා. දුම්වැටියක්, මත්පැන් බෝතලයක් ගන්න දරුවෙකුට වයස අවුරුදු දහ අටක් වෙනකම් ඉන්න ඕන  .

එහෙම නැතුව ළමයින්ට ඒවා මිලදී ගන්න බැහැ. හැබැයි මත්ද්‍රව්‍ය එහෙම නෙමෙයි. නිවසේ  ගේට්ටුවෙන් එළියට ගිය ගමන් මත්ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා. දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයක් මගින් මත්ද්‍රව්‍ය ගෙදරටම ගෙනැවිත් දෙන තත්ත්වයකට මත් රකුසා අදවනවිට දරුවන්ව ගිලගනිමින් තියනවා.

ඒකකයේ වාට්ටු…

“අද අපි මේ තියෙන්නෙ යෝධ පියවරක්. අපි මොඩලයක් හදලා ලංකාවට පෙන්නන්න යනවා වෛද්‍යවරුන් හැටියට අපිට පුළුවන්  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර වලට අමතරව පුනරුත්ථාපනය කරලා ඔවුන්ව එයින් මුදවා ගන්නට කියන පණිවිඩය.“

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂක රොහාන් රත්නායක, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  ඉන්දික වන්නිනායක, මිනුවන්ගොඩ රජයේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අභයරත්න, ගම්පහ දිස්ත්‍රික්කයේ  මානසික සෞඛ්‍ය කටයුතු භාර වෛද්‍ය සමිත විජයරත්න, නව පුනරුත්ථාපන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ  කාර්ය මණ්ඩලය  සාමාජිකයින්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නිල් ජයසේකර  ඇතුළු  ආරාධිතයින්  මෙම  නව පුනරුත්ථාපන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට  එක්වී සිටියහ.

  .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝටර් රථ සඳහා හොර අංක තහඩු හදන පුද්ගලයෙක් අංක තහඩුත් සමග අත්අඩංගුවට….

Next Post

ඕමානයේ  දී අපේ කාන්තාවන් ගණිකා වෘත්තියේ   යෙදවා  වැඩ තහනමට ලක් වූ තානාපති නිලධාරියා තහනම නොතකා  තවමත් වැඩ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.