මඩකලපුව – ත්‍රිකුණාමලය – කොළඹ දුම්රිය මාර්ගයේ හබරණ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර හතරැස් කොටුව ප්‍රදේශය ආසන්නයේදී ‘පුලතිසි’ දුම්රියේ ගැටීමෙන් අලි තිදෙනෙකු මිය ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද අලුයම සිදු වූ මෙම අනතුර හේතුවෙන් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වන ‘පුලතිසි’ පීලි පැනීමට ලක් වූ බව ඔවුහු පැවසූහ. මඩකලපුව දුම්රිය ස්ථානයෙන් අලුයම 1.30 ට පිටත් වූ දුම්රිය අලුයම 5.05 ට හතරැස් කොටුව ප්‍රදේශයේදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ. සිද්ධියෙන් පසු දුම්රිය එන්ජිම සහ තවත් මැදිරියක් පීලි පැන ඇත.
මේ හේතුවෙන් මඩකලපුව – කොළඹ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. හතරැස් කොටුව ප්‍රදේශයේදී මීට පෙරත් දුම්රියවල , අලි ගැටී අනතුරු සිදු වී තිබේ.







