බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 භූමියෙන් පහෙන් එකක් ගංවතුරට යටවෙලා – දිට්වා ලක්ෂ 23කට රිදවලා – UNDP  

by Lanka Sara Editor
දෙසැම්බර් 9, 2025 - Updated on දෙසැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
මෙරටට ඉකුත්දා බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු ගංවතුර තත්ත්වයෙන් මෙරට සමස්ථ භූමි ප්‍රමාණයෙන් පහනේ එකක් ජලයෙන් යටවූ බවත් ඉන් පුද්ගලියින් ලක්ෂ විසි තුනක් පමණ පීඩාවට පත්ව ඇති බවත් මෙම පිරිසෙන් අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
ඒ අනුව එම වැඩසහන විසින් සිදුකළ විශ්ලේෂණයක් මඟින් මෙම තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණු බවද එම වාර්තාව සඳහන් කරයි.
මෙම විශ්ලේෂණයට අනුව මෙරට හෙක්ටයාර ලක්ෂ එකොලහකට අධික භූමි ප්‍රමාණයක් ජලයෙන් යටව ඇති බවත් එය දිවයිනේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් බවත් එමගින් නිවාස, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට සැලකිය යුතු හානියක් සිදු කළ බවයි අනාවරණය කරගෙන ඇත.
ශ්‍රී ලංකා රජයේ ආපදා සම්බන්ධ දත්ත වලින් ලබාගත් විශ්ලේෂණ මඟින් මෙය, දශක ගණනාවකින් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර ව්‍යසනයන්ගෙන් එකක් ලෙස හඳින්විය හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.
මේ අතර, ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් සුළි කුණාටුව ඇති වීමට පෙර සිටම ජීවත්ව ඇත්තේ  අස්ථාවර ආදායම්, ඉහළ ණය බරකින්  සහ ආපදාවන්ට මුහුණ දීමේ සීමිත හැකියාවන් ඇතුළුව  බහු අවදානම්  තත්ත්වයක බවත් එවන් තත්ත්වයක් තුල මධ්‍යස්ථ මට්ටමේ අපදා තත්ත්වයකින් පවා දිගුකාලීන පසුබෑමක් බවට පත්විය හැකි තත්ත්වයක් පැවතිය බවද එම වැඩසටහන අනාවරණය කරයි.
ගංවතුරින් ගොඩනැගිලි හත්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයකට බලපෑම් සිදුව ඇති බවත් එය මෙරට පිහිටි සෑම ගොඩනැගිලි දොළහකින් එකක් පමණ වන බවද පෙන්වදෙයි. එමෙන්ම කිලෝමීටර් දාසය දහසකට අධික මාර්ග, ගංවතුරියන් යටවී ඇති බවත් එය මෙරට වටා පිහිටි වෙරළ තීරය මෙන් දොලොස් ගුණයක දුරක් බවත් මෙම වාර්තාව සඳහන් කරයි.  මීට අතිරේකව, කිලෝමීටර් 278 කට අධික දුම්රිය මාර්ග සහ පාලම් 480 ක් ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පිහිටා තිබුණු බවද එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසහන පෙන්වා දෙයි.
“ඩිට්වා සුළි කුණාටුව දැනටමත් වසර ගණනාවක පටන් ආර්ථික බලපෑම් වලට ලක්ව  දුර්වල වූ ප්‍රදේශවලටයි බලපෑවේ,” යනුවෙන්ද මෙහිදී  ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා පැවසුවාය.
ගංවතුර තත්ත්වය නිරාවරණය වූ ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් ලක්ෂ දොලහක්, ළමුන් පන්ලක්ෂ විසි දෙදෙහසක්  සහ වැඩිහිටියන් දෙලක්ෂ හැට තුන්දහසක් ඇතුළත් වන අතර, නිරාවරණය වූ පුද්ගලයින්ගෙන්  සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල පමණක් ජීවත් වන බවද අනාවරණය කරයි.
මේ අතර ගංවතුර හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල බොහෝ දෙනෙක් අධි අවදානම්, ආපදා-අවදානම් ප්‍රදේශවල ජීවත් වන අතර, ඔවුන් සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍ය වේ. මෙම තත්ත්වය මෙරට අත්‍යවශ්‍ය සේවාවන් මත දැඩි පීඩනයක්ද එල්ල කරන බව අදාල වාර්තාව මගින් පෙන්වා දෙයි.
“ඉහළ ගංවතුර තත්ත්වයන් සහ ඉහළ අවදානම තත්ත්වයන් සහිත ප්‍රදේශ වලට බලපෑම් අතිකරනු ලබන විට,  සමස්ථ තත්ත්වයම සාමන්‍ය තත්ත්වයකට පත්වීම මන්දගාමී මෙන්ම මිල අධික වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව මෙම ස්ථාන සම්බන්ධයෙන් මූලික පියවර ගැනීම ඉතා වැදගත් වේ,” වැඩිදුරත් නේවාසික නියෝජිත කුබෝටා පැවසුවාය.
මෙර කඳුකර ප්‍රදේශයේ, සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් 1,200 ක් පමණ ඇති කර ඇත. මෙම සිදුවීම් සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය කඩාකප්පල් කිරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මන්දගාමී කිරීම මගින් අවදානම් සහිත ප්‍රජාවන් හුදකලා කළ හැකියි බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසහන පෙන්වා දෙයි.
“දිට්වා සුළි කුණාටුව යනු සංකීර්ණ අර්බුද කෙතරම් වේගයෙන් දිග හැරිය හැකිද යන්න පිළිබඳ තියුණු මතක් කිරීමකි,” එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහනනේ  අපදා සූදානම් වීම්, ප්‍රතිචාර සහ ප්‍රතිසාධනය පිළිබඳ ප්‍රධානී දේවානන්ද් රාමයියා පැවසීය.
මෙරට බලධාරීන් සහ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරමින්, එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසහන අත්‍යවශ්‍ය සේවා ප්‍රතිසංස්කරණය කිරීම, බලපෑමට ලක් වූ නිවාස, විශේෂයෙන් කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්ට සහාය වීම, ප්‍රධාන ප්‍රවාහන සහ සේවා සැපයීමේ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සහ අනාගත දේශගුණික වෙනස් වීම් වලට  ඔරොත්තු දීමේ හැකියාව සඳහා දේශීය පද්ධති ශක්තිමත් කිරීමේ කටයුතු වල නිරත වේ.
“අතිශය දරුණු ආර්ථික අර්බුදයකින් පසුව  මන්දගාමී නමුත් ස්ථාවර ප්‍රකෘතියක් සිදුවෙමින් පවතින පසුබිමක, මෙම දැවැන්ත ස්වාභාවික ව්‍යසනයෙන් නැවත ගොඩනැගීමේ පිරිවැය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ණය බරක් දැරීමට නොහැකිය”, අසූසා කුබෝටා පැවසුවාය. “ජාත්‍යන්තර හවුල්කරුවන් දැරිය හැකි මූල්‍යකරණයක් සහ නව්‍ය ක්‍රමවේද  සමඟ ඉදිරියට යා යුතු අතර එමඟින් රට ණය කන්දෙන් වැටීමෙන් තොරව වේගවත් ප්‍රකෘතියක් සහ ඉදිරි අභියෝග සඳහා වැඩියෙන් ඔරොත්තු දීමේ හැකියාවකින් යුතුව නැවත ගොඩනැගීමට හැකි වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පවුල සමඟ එක්සත් ජතීන්ගේ සංවර්ධ වැඩසටහන,, අපගේ හවුල්කරුවන් සහ ප්‍රජාවන් සමඟ එක්ව, ක්ෂණික සහන සහ ඉක්මන් සහන ලබාදීම තුළින් වැඩි බලපෑමට ලක් වූවන්ට සහාය වීම සඳහා කටයුතු කරයි. ‘ශක්තිමත්ව සහ වඩා හොඳින් නැවත ගොඩනැගීම’ අත්‍යවශ්‍ය කරුණක් වන  අතර ඒ සඳහා කාලය ගතවනු ඇත.”

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Share69Tweet43
Previous Post

නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා

Next Post

හෙට සිට කුරුණෑගලින්, රඹුක්කනින්, මහවෙන් සහ පොල්ගහවෙලින් කොළඹට කෝච්චි

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.