බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 3.7ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කීවේ භූ චලනය බේරුවල , මග්ගොන , කළුතර හා පිළියන්දල ප්‍රදේශවලට දැනී තිබුණු බවය.
බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය තිබේ. භූ චලන අත්දැකීම් ලැබූ සමහරු එම තොරතුරු සමාජ මාධ්‍යය හරහා ප්‍රකාශ කර තිබිණි.
ප.ව.1.10 ට පමණ බණ්ඩාරගම අප සිටින ස්ථානයේ සුළු භූකම්පන තත්ත්වයක් ඇතිවුණා. තරමක ශබ්දයක් සමඟ පිරිවෙන් ගොඩනැඟිල්ල සෙලවී ගියා. එවැනි එක් සටහනක තිබුණේය.
සුනාමි අනතුරක් හෝ වෙන කිසිම හානියක් මෙම භූ චලනයෙන් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.







