සූරියවැව නුවන් ජයසේකර
පාසලට යමින් සිටි සිසුවියක පාසැල් නොයවා අතරමගදී සිය මෝටර් රථයේ නංවාගෙන හෝටලයකට රැගෙන ගොස් අපයෝජනය කල බව කියන මයුරපුර ප්‍රාථමික විදුහලේ ගුරුවරයෙකු හම්බන්තොට වරාය පොලිසිය විසින් 29 අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මයුරපුර ප්‍රාථමික විදුහලේ සේවය කරනු ලබන ප්‍රියන්ත නැමති ගුරුවරයෙකි.
පසුගිය 28 වන දින පාසැල් යන බව පවසා නිවසින් පිටත්ව ඇති සිය දියණිය සවස් වනතුරුත් නිවසට නොපැමිණීම නිසා දැරියගේ පියා විසින් විදුහලේ විදුහල්පති වරයාට දුරකතන ඇමතුක් දී දැරිය පිළිබදව විමසා තිබේ.
එම අවස්ථාවේදි විදුහල්පති වරයා පවසා ඇත්තේ දැරිය 28 දින පාසැල් නොපැමිණි බවයි.ඒ අනුව දැරියගේ පියා මේ පිළිබදව සොයා බැලීමේදි දැනගැනිමට ලැබි ඇත්තේ දැරිය පාසැල් යාමට පැමිණ බැල්ලගස්වැව හන්දියේ සිටියදි කාර් රථයක නැගී යනු දුටු බවයි.
ඒ අනුව සොයා බැලීම සඳහා දැරියගේ දෙමාපියන් බැල්ලගස්වැව හන්දියට යන අවස්ථාවේදි දැරිය නිවසට එමින් සිට තිබේ. එහිදි දෙමාපියන් දැරියගෙන් මේ පිළිබදව විමසීමේදි දැරිය දෙමාපියන්ට පවසා ඇත්තේ ප්‍රියන්ත සර් සමග ගිය බවයි.
පසුව දැරියගේ දෙමාපියන් විසින් අදාල ගුරුවරයාට දුරකතන ඇමතුමක් ගෙන ඒ පිළිබදව විමසීමේදි ගුරුවරයා පවසා ඇත්තේ තමන් දැරිය රැගෙන ගිය බවත්, එහිදී යම් වරදක් සිදු වු බවත්, සිදු වු වරද තමන් පිළිගන්නා බවත්, මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙසත්ය.
මෙම සැකකාර ගුරුවරයා විසින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්තේ බැල්ලගස්වැව, බැරගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි එම පාසලේම ඉගෙනුම ලබන දැරියක් බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් හම්බන්තොට වරාය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා 29 වන දින සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න ගේ උපදෙස් පරිදි හම්බන්තොට වරාය පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.






