සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිගේ බට හොරකම ගැන පොලිසියට ඔත්තුව දුන් තරුණයාට සභාපති පුතා පහර දීලා… තරුණයා රෝහලේ…

by editor
ජනවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රජා ජල ව්‍යාපෘතියකට අයත් ජී.අයි බට සොරා ගැනීම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් බෙලි අත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරාගේ හොරකම පොලිසියට පැමිණිලි කළ තරුණයාට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුතා විසින් පහරදීම නිසා එම තරුණයා රෝහල්ගත කර ඇත.

මෙම පහර දීම සිදුකර ඇත්තේ පසුගිය පෙරේදා (31) වැනිදාය. තරුණයාට පහර දුන් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුතා ද තමන්ට පහර දුන් බවට පැමිණිලි කර රෝහල් ගත වී තිබේ.

මේ වනවිට මේ තැනැත්තන් දෙදෙනාම බෙලිඅත්ත රෝහලේ සිටින බව පොලිසිය පවසයි.

තමන් සභාපතිත්තවය දරන ප්‍රජා ජල ව්‍යාපෘතියකට සම්බන්ධ ජී.අයි. බට තොගයක් රහසිගතව මාලඹේ ප්‍රදේශයේ ආයතනයකට අලෙවි කිරීමේ චෝදනා මත බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) සිරිල් මුණසිංහ   සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පියදාස මුණසිංහ නැමති පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ පසුගිය 29 වැනිදා ය.

බෙලිඅත්ත මහහීල්ල නැගෙනහිර ප්‍රජා ජලමූල පැරකුම් සමිතියට අයත් අගල් දෙක ප්‍රමාණයේ ජී.අයි. බට 19ක ප්‍රමාණයක් හොර රහසේ විකිණීමට ගොස් ඔවුන් මෙසේ පොලිස් අත්අඩංගුවට පත් විය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුපියල් 22000ක් වටිනා මෙම එක් බටයක් රුපියල් 15000 බැගින් මාළඹේ ආයතනයකට අලෙවි කර තිබිණි.

පසුව බට මිලදි ගත් අදාල ආයතනයේ සේවකයන් පිරිසක් 28 වන දින රාත්‍රි බට ටික රැගෙන යාමට පැමිණ තිබේ. එහිදි එම පිරිස බට ටික ගබඩා කර තිබූ සභාපති වරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් එම බට රැගෙන යාමට පහසු වන පරිදි කපමින් සිටියදී පහර කෑ තරුණයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කර දැනුම් දී තිබේ.

ඒ අනුව බෙලිඅත්ත පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් එහි ගොස් අදාල පිරිසගෙන් මේ සම්බන්ධයෙන් විමසා  අදාල බට තොගය පොලිස් බාරයට ගෙන 29 වන දින සභාපතිවරයාට සහ සොයුරාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව සභාපති වරයා ඇතුළු පිරිස පසුගිය 29 වැනිදා බෙලිඅත්ත පොලිසියට ගොස් තිබිණි.

එහිදී සිදුකළ මුලික විමර්ශනවලින් පසු සිද්ධියට අදාලව සැකකාර සභාපති හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණය ඔවුන් දෙදෙනාව 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද උදේත් දුම්රිය හයක් අවලංගුයි

Next Post

මොන ලජ්ජාවක් ද මේ? බංග්ලාදේශය නිසා ඇඳ යට හැංගෙන්න වෙලා ! ආචාර්ය හර්ෂ කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.