අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන ලජ්ජාවක් ද මේ? බංග්ලාදේශය නිසා ඇඳ යට හැංගෙන්න වෙලා ! ආචාර්ය හර්ෂ කියයි

by Lanka Sara Editor
ජනවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බංගලාදේශයෙන් මාස තුකින් දෙන බවට පවසා ලබා ගත් ඩොලර් මිලියන 250 ක් සොයාගෙන එය මඟහැරි ශ්‍රි ලංකාව පසුපස ණය ඉල්ලා බංග්ලාදේශය පැමිණෙමින් සිටින බවත් මේ තත්වය හමුවේ ලජ්ජාවට පත්ව ඇඳ යට හැංගෙන   රට පත්ව ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ශ්‍රි ලංකාවේ ජනතාව මේ ලජ්ජාවට ප්ව ඇත්තේ ජනතාවගේ වැරැද්දෙන් නොවන බවත් මේ රට කළ නොහැකි නම් කනළ හැකි කණ්ඩායමකට භාර දී ගෙදර යන්නැයි මන්තක්‍රිවරයා පැවසසුව් ඊයේ පැවැති සමගි ජනබලවේග මාච්‍ය හමුවේදීය.

2021 වසරේදී මෙම ණය ලබා ගැනීමට ශ්‍රි ලංකාව කටයුතු කළ අතර හුවමාරු ණයක් ලෙස ලබා ගත් එය මාස තුනකින් ලබා දෙන බව පැවසුවද පසුව පැවැති ආර්ථික තත්ත්වය මත මෙම ණය ආපසු ගෙවීමේ කාල සීමාව කල් දමා ගැනීමට කටයුතු කළේය.මේ පිළිබඳව සිහිපත් කරමින්  අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා රටවල් දෙකේ වෙනස පෙන්වමින් අද ලෝකයේ දරිද්‍රතාව වේගයෙන්ම වැඩිවන රට බවට ශ්‍රි ලංකාව පත් වෙද්දී බංග්ලාදේශය වේගයෙන්ම දිළිඳු භාවයෙන් වේගයෙන්ම ඈත් වෙන රට බවට පත්ව ඇතැයිද ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා

“රටේ ආර්ථිකය 2022 අවුරුද්දට වඩා 2023 අවුරුද්දේ කෙසේ වෙයිද කියන එක තමයි අද තියෙන ප්‍රශ්නය. 2022 අවුරුද්ද ලංකා ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීමට මුහුණ දුන්නා ලංකාව ලෝකයේ අසාර්ථකම රටවල් අතර එකක් හැටියට ගිය අවුරුද්දේ සටහන් වුණා. දරිද්‍රතාවය තුන් ගුණයකින් වැඩි වුණා

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කර්මාන්ත අංශයත් සම්පූර්ණම කඩාගෙන වැටිලා අද ප්‍රධාන පුවත්පතක ශීර්ෂපාඨය හැටියට තියෙන්නේ තවත් ආයතන විසිදාහක් මේ අවුරුද්දේ වහන්න සිදු වෙයි කියලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කොහොමද 30% ක 35 ක පොළී ගෙවලා ආයතනයක් කරගෙන යන්නේ කියන එක පිළිබඳව කර කියා ගන්න දෙයක් නැතුව ඉතාමත්ම දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නවා. හෙට අනිද්දා වන විට නැවතත් විදුලි බිල වැඩි වෙනවා ඒත් එක්කම සමස්ත පිරිවැය වැඩි වෙනවා එතකොට කොහොමද ඒ වැඩිවූ පිරිවැය පාරිභෝගිකයාට තල්ලු කරල දාන්නේ කියන එක පිළිබඳව ඔවුන්ගේ හිතේ ලොකු ගැටලුවක් තියෙනවා. විශාල කර්මාන්ත වලටත් පහරක් වැදිල තියෙනවා. තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අතරමැදි භාණ්ඩ ගන්න බැහැ ඩොලර් පිළිබඳව තියෙන ගැටලුව සහ ලෝකයේ දැන් වර්ධන වේගය අඩුවෙලා ආර්ථික අවපාතයකට යුරෝපය සහ ඇමරිකාව පත් වෙමින් ඉන්නවා ඒත් එක්කම ඔවුන්ට ලැබෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා .

අපි පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත්තොත් ගෘහස්ත උද්ධමනය දෙසැම්බර් ඉවර වෙනකොට 57% හමාරයි ලෝකයේ ඉහළම උද්ධමනය තියෙන රටවල් වලින් එකක් අපේ රට.මම අහගෙන සමහර දේශපාලනඥයෝ කියනවා මෙන්න උද්ධමනය අඩු වෙලා කියලා. ඒකෙන් මොකද්ද ඔවුන් අර්ථකථනය කරන්නේ 57% ට අඩු වෙලා තියෙන එක හරි එය ගිය අවුරුද්දේ මාස 12 කට තිබිච්ච බඩු මිල වැඩිවෙමින් පවතිනවා 57% ක වේගයෙන් ඒක දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනතාවට බඩු මිල දරා ගැනීම සඳහා කිසිම සහනයක් රජය විසින් ලබාදීලා නැහැ. බඩු මිල වැඩිවීමේ වේගය තමයි මේ හෙට අනිද්දා වෙනකොට ජනතාව මත උද්ධමනයට තවත් වැඩි වෙනවා. මූලිකම හේතුව විදුලි බිලේ බලාපොරොත්තු වෙන වැඩිවීමත් අනිත් පැත්තෙන් ජනතාවගේ බදු වැඩි වෙලා තියෙනවා ඒ හරහා වියදම් කිරීමට අතේ ඉතුරු වෙන මුදල අඩු වෙලා තියෙනවා ජනවාරි මාසයේ පඩියත් එක්ක ඒ වැඩි කරපු බදු තමන්ගේ ආයතනය විසින් පඩිය ගෙවන කොට කපා ගන්නවා  ඒක 6% ඉඳලා 36% දක්වා වැඩි වෙලා. එක පැත්තකින් බඩු මිල වැඩි වෙනවා අනිත් පැත්තෙන් අතට ලැබෙන ආදායම අඩු වෙනවා ජීවන බර උහුල ගන්න බැරි තරමට බැරෑරුම් වෙනවා.

= 2023 අවුරුද්දේ මේ යන විදියට රට ඉස්සරහට ගියොත් ජනතාවට බලාපොරොත්තු වෙන්න කිසිම දෙයක් නැහැ. හැබැයි අපි ලෝකය දිහා අසල්වැසියන් දිහා බැලුවොත් අපිට පේන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් ඉන්දියාව සීඝ්‍රයෙන් දියුණු වෙනවා තමිල්නාඩු ප්‍රාන්ත කේරල ප්‍රාන්ත දකුණු ඉන්දියාව ඉන්දියාවේ දැකපු නැති තරම් වේගයකින් ආර්ථිකය වර්ධනය වෙනවා කර්මාන්ත ශාලා විවෘත වෙනවා රැකියා නිර්මාණය වෙනවා පඩි වැඩි වෙනවා ජනතාවගේ අතේ මුදල් වැඩි වෙනවා බංග්ලාදේශය ලෝක බැංකු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා දරිද්‍රතාවය සීඝ්‍රයෙන් ම අඩුකරන රට බංගලාදේශය කියලා කර්මාන්ත වර්ධනය වෙනවා රැකියා උත්පාදනය වෙනවා අග්නිදිග ආසියාවේ රටවල් වල වියට්නාමය හිතාගන්නත් බැරි වේගෙන් දියුණු වෙනවා අප්‍රිකාව රුවන්ඩා වගේ රට වල් ඝ්‍රයෙන් දියුණු වෙනවා එහෙමනම් මේක සමහරු උත්සාහ කරනවා කියන්න ගෝලීය ගැටලුවක් ලංකාවටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා එහෙම එකක් නෙමෙයි මේක ලංකාවේ දේශපාලඥයන් මෑත කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ නිර්මාණය කරපු ප්‍රශ්නයක්. අපි පිළිගන්නවා ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය තිබුණේ ඒ තරම් හොඳ තත්වයක නෙමෙයි ඒක හරි, ගැටලු මහා ගොඩක් තිබුණා 2018 ඔක්තෝම්බර් මාසේ තිබිච්ච කුමන්ත්‍රණයෙන් පටන්ගත්තම 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවුණා නමුත් රට යම්කිසි විදියකට ඉදිරියට යමින් හිටියා හැබැයි ඒක සම්පූර්ණ විනාශ කරලා දාලා දැන් ගෝඨාභය රාජපක්ෂ පත්තර වල ටීවී වල පෙන්නනවා ඩුබායිවල සංචාරයක නිරත වෙලා ඉන්නවා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ හැබැයි ඔහු විසින් බංකොලොත් කරපු රටේ මිනිස්සු එක වේලක් කන්න බැරුව ඉතාමත් ම අමාරු තැනකට වැටිලා

ඊයේ පෙරේදා bloomburg ගෝලීය මාධ්‍ය මොකක්ද කිව්වේ. ලංකාවේ ගැටලුව නුදුරු අනාගතයේදී බේර ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගැන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවම රටට ඒත්තු ගන්වන ඔවුන් උත්සාහ කළා ජපානයේන් බිලියන හතරක් එනවා තව තැනකින් බිලියන දෙකක් එනවා ලංකාවේ ප්‍රශ්න විසඳ ගන්න හොඳ රාජතාන්ත්‍රික ලෙස හැකියාව තියෙනවා කියලා. කනගාටුයි කියන්න එක සතයක්වත් ඇවිත් නැහැ ඔය කියපු සල්ලි වලින්. ඔව් කුඩා ප්‍රමාණයේ ආධාර , බෙහෙත් ලැබී තියෙනවා ඇමරිකාවට ඩොලර් මිලියන 240ක ආධාරයක් කරා කියනවා. පොහොර දෙනවා ගොවි මහත්වරුන්ට යම්කිසි ආධාරයක් දෙන්න යනවා ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ ලංකාව වැටිලා ඉන්න ණය උගුලෙන් බේරගන්න රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ට මොකද වුණේ.අද වෙනකොට චීනය තවමත් ලංකාවේ ණය ප්‍රතිසංස්කරණය කරන්න වැඩසටහනකට එකඟ වෙලා නැහැ ඉන්දියාව එකඟ වෙලා නැහැ මහා විශාල ලෙස කතා කරා පැරිස් ක්ලබ් එකගයි කියලා එය එකඟ වෙලත් නැහැ ඒ අතරවාරයේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෙවන්න තිබිච්ච පොලිය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රජය මැදිහත් වෙලා ගත්ත ණය එකට ගෙවා ගන්න බැරුව හිටිය සමහර රටවල් එහෙම උනාම ඔවුන්ගේ ගුවන් යානා නැව් වෙන රටවල් වලින් සීස් කරපු අවස්ථා තිබුණා .

වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය නොකර අපිට ඉස්සරහට යන්න බෑ කියන දැඩි ස්ථාවරත්වයේ අපි ඉන්නවා අපි දිගින් දිගටම ඒ කියන්නේ රට වටේට තියෙන තාප්ප බිඳලා දාලා රටෙන් ලෝකෙට පාලම් බඳින්න ලංකාව යන් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට ශතවර්ෂ ගණනාවක් තිස්සෙ ලබපු සාර්ථක ජයග්‍රහණ වලින් ඉගෙන ගෙන ඊළඟ එන අවුරුදු විසි පහේදී මේ ප්‍රදේශය සීඝ්‍රයෙන් වර්ධනය වෙනකොට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනයක් ලබන ප්‍රදේශය බවට පරිවර්තනය වෙනකොට අපි ලෝකෙට සම්බන්ධ වෙලා ඒ අයගේ සාර්ථකත්වයත් සමගම අපේ සාර්ථකත්වය ගොඩනඟා ගන්න ඕන සමාජ සාධාරණත්වය යුක්තිය පිළිබඳව අපි අවධානය යොමු කරනවා ඒක තමයි අපේ වැඩපිළිවෙළ අපි නායකයාගේ ඇතුළු කණ්ඩායමේ යම්කිසි දැක්මක් තියෙනවා. ඒ ඔක්කොම සංකලණය වෙලා තමයි අපි මේ රටේ ජනතාවට අපේ කණ්ඩායම හැටියට සමගි ජන බලවේගය වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න අපි කතා කරන්නෙ දත්ත සාක්ෂි සමග අවදානම් කියන තියෙනවා විය යුත්තේ කුමක්ද කියන එක අද සමහර කට්ටිය අපි කියපු දේවල් වලට විරුද්ධ වෙච්ච කට්ටිය අද කියනවා ඔව් ඒක තමයි කළ යුත්තේ කියලා. අපිටත් පුළුවන් දෙකයි පනහෙ වැඩ කරන්න ආණ්ඩුව ගෙන සියලු දෙයට අපිට විපක්ෂ වෙන්න පුළුවන් නමුත් අපි එහෙම කරන්නේ නැහැ අපේ මේ රට වෙනුවෙන් කළ යුතු සියලු දේ කරනවා අපිට අවශ්‍ය නැහැ අපි මට පෙන්නල තියෙනව ඇමතිකම් නැතුව කොහොමද විපක්ෂයක් විදියට රට ගොඩගන්න ක්‍රියාත්මක වෙන්නේ කියලා ජනතාව ඒ ප්‍රසාදය අපිට දෙනවා හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙහෙම සුක්කානම ලබා දෙනවා නම් අපිට පුළුවන් ඉස්සරහට රට අරගෙන යන්න ඒ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව දෙන්න ජනාධිපතිවරයා ට හැකියාවක් තියෙනවා ව්‍යවස්ථාදායකයේ අවකාශය තියෙනවා ජනවරමක් තියෙන ආණ්ඩුවක් ලබාගන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිගේ බට හොරකම ගැන පොලිසියට ඔත්තුව දුන් තරුණයාට සභාපති පුතා පහර දීලා… තරුණයා රෝහලේ…

Next Post

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදෙස් අමාත්‍යවරුන්ට ඉන්දියාවේ ඇරයුමක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.