බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි ගණන් වත්කම් උපයාගත් ආකාරය සැක සහිතයි! පියුමි හංසමාලිගේ ගිනුම් 19ක් ගැන වාර්තා කැඳවීමට අධිකරණය සී.අයි.ඩී යට අවසර දෙයි…

by editor
ජූනි 19, 2024 - Updated on ජූනි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ව්‍යාපාරයකට තියෙන්නේ හම සුදු කරන ක්‍රීම් වර්ගයක් සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම විතරයි…

  • ගෝඨගෙ ලක්ෂ 800 රේන්ජ් රෝවර් එකට අමතරව කුරුඳුවත්තේන් කෝටි 14ක නිවාස ඒකකයක් අරන්…

  • වැල්ලම්පිටියේ කුලී ගෙදරක හිටිය පියුමි දැන් ඉන්නේ හිල්ටන් රෙසිඩන්සිස් නිවසක… එයත් මිලදී ගත්තු ගෙයක්!

පියුමි හංසමාලි විසින් ප්‍රධාන බැංකු අටක   ගිනුම් 19ක් පවත්වාගෙන යමින් එම ගිනුම්  හරහා රුපියල්  කෝටි ගණන් සංසරණයවුන ආකාරය සම්බන්ධව විමර්ශනය ආරම්භ කරමින් එම බැංකු ගිනුම් 19 හි    වාර්තා කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකයට මාලිගාකන්ද අධිකරණය අද (18) නියෝග කළේය.

කෙටි කාලයක් තුළ  අතාර්කික ලෙස  රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් බව කියමින් ලංකාවේ ප්‍රකට නිරූපිකාවකවන පියුමි හංසමාලි ට  එරෙහිව  ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින්  ගොනුකළ පැමිනිල්ල    විභාග කරන්නට අවසර ලබා දෙමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. 

මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08  ගිණුම් 19ක්  පවත්වාගෙන යමින්      ප්‍රශ්නකාරී ලෙස උපයා ගත් මුදල් එම ගිනුම් හරහා වියදම් කරමින්  කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් සුඛෝපභෝගි මහල් නිවාස ඒකකයක්,    ආසන්න කාලයේ ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කළ රුපියල් ලක්ෂ අටසීයක රේන්ජ් රෝවර් වර්ගයේ රථයක්     කුරුඳුවත්තේ කෝටි 14 ක තවත් නිවසක්ද  මිලට ගෙන ඇති බව  පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පැමිණිලිකරුවන් පෙන්වා දෙන්නේ  මීට ටික කලකට ඉහත මැණික් ව්‍යාපාරිකයෙකු ලබාදුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා නිවසක  පියුමි හංසමාලි ජීවත් වූ බවය.

සමාජ මාධ්‍ය තුළ ‘හම සුදු කරන’ ක්‍රීම් වර්ගයක් අලෙවි කිරීම සම්බන්ධ ව්‍යාපාරයක් ගැන පමණක් ඇය පවසන අතර මෙතරම් වත්කමක් ඇය උපයාගත් ආකාරය සැකයට තුඩුදෙන බව  පැමිණිල්ලේ ‍සඳහන් කර තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අනුව අධිකරණයට කරුණු වාර්තා කරමින්  රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව    මාලිගාකන්ද  අධිකරණය   ඇගේ බැංකු ගිණුම් 19 ගැන   වාර්තා කැඳවීමට  රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.   විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අනතුරුව අධිකරණය විසින්  පැමිණිල්ල බහා තැබීය.

කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂ අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක තවත් නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන්  2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු  කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එකැස් කනෙක් සේ  හැසිරෙන්න එපා… මහා සංඝයාගේ විරෝධයෙන්   සමාජ කැළඹීමකට ඉඩ නොතබා සුරාසැල් ඇරිමේ ව්‍යාපෘතිය නවත්වන්න… මල්වතු නා හිමිවරු ජනපතිට දන්වති…

Next Post

DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.