සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් මුදල් ඇමතිකම කළ මේ අවුරුද්දේ මුල් මාස 04 තුළ බිලියන 3200කට වෙච්චි දෙයක් නෑ….

විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙපළක් කළ අධ්‍යයනයකින් හෙළි වෙයි!

by editor
නොවැම්බර් 5, 2022 - Updated on මාර්තු 23, 2023
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව 2022 වසර තුළ රාජ්‍ය වියදම් ඉක්මවා යන ණය ප්‍රමාණයක් ලබා ගන්නා බවත්,   අවුරුද්දේ පළමු මාස 04 තුළ ලබා ගත් ණය ප්‍රමාණයෙන්  රාජ්‍ය වියදම් අත්හැරිය පසු ඉතිරිවූ රුපියල් බිලියන 3200කට වැඩි මුදලකට සිදුවූ දේ අපැහැදිලි බවත්   විශේෂ අධ්‍යයනයකින් පසු විශ්විද්‍යාල ආචාර්යවරු දෙදෙනෙක්  හෙළිදරව් කරති.

මෙම තත්ත්වය ඇතිවන්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස සහ අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපති ලෙස සිටි වකවානුවේ බව ද එම විද්වත්හු දෙපළ පෙන්වා දෙති.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසින්  මෙම අධ්‍යයනය සිදුකර ඇත.

 රජයේ ණය ගැනීම    

එම ආචාර්යවරුන් දෙපළ පෙන්වා දෙන්නේ  2022 ජනවාරි ආරම්භ වනවිට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17589ක්‌ ලෙසත් එය 2022 අප්‍රේල් අවසාන වන විට රුපියල් බිලියන 23310ක්‌ ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික ආර්ථික වාර්තාවෙන් තහවුරු කර ඇති බවය.  .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එනම් 2022 වර්ෂයේ මුල් මාස 4 තුළ පමණක් රජයේ ශුද්ධ ණය ගැනීම්වල ඉහළ යාම රුපියල් බිලියන  5720 කි.

මෙයින් රුපියල් බිලියන 1345 ක් දේශීය මූලාශ්‍ර වලින් ද, ඉතිරි රුපියල් බිලියන 4375 විදේශීය මූලාශ්‍ර මඟින් ද, ලබාගෙන ඇත.

රටක් විසින් රාජ්‍ය අය-වැය ලේඛනයේ දැක්වෙන මුළු වියදම ඉක්මවා ණය ලබාගත් විට, එක්කෝ එම ප්‍රමාණයෙන් රජයේ සංචිත ඉහළ යා යුතුය. නැතහොත් එම ප්‍රමාණයෙන් රජයේ ණය ආපසු ගෙවීම් සිදු විය යුතුය.

එහෙත් ශ්‍රී ලංකාව තුළ එම දෙකම සිදු වී නොමැති බව අනාවරණය වෙයි.

බිලියන 3200ක් පිල්ලි ගිහින්

2022 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා කාලය තුළ රජයේ මුළු වියදම රුපියල් බිලියන 2897ක්‌ පමණ වන අතර එයට රාජ්‍ය ණය වාරික ගෙවීම් ද  (ස්වයිරි බැඳුම්කර ද අතුළුව)   ඇතුළත් කළ පසු රජයට දැරීමට සිදුවූ මුළු වියදම රුපියල් බිලියන 4,000 ආසන්න මුදලකි.

මේ අතර 2022 මුල් මාස හතර තුළ රජයට රුපියල් බිලියන 1494ක පමණ මුදලක් ආදායම් හා ප්‍රදාන වශයෙන් ද ලැබී ඇත. මෙම ආදායමට යටකී ණය ගැනීම් එකතු කළ විට රජයේ මුළු ලැබීම් රුපියල් බිලියන 7214 ක් පමණ වේ.

එයින් රජයේ මුල් මාස හතරේ මුළු වියදම ණය වාරික ද ඇතුළත්ව රුපියල් බිලියන 4,000ක් අඩු කළ විට තවත් රුපියල් බිලියන 3200 ක ට වඩා අතිරික්ත මුදලක් රජය සතුව පැවතිය යුතු ය.

එනම් එම මුදල මහ බැංකුවේ සංචිත ඉහළ යාමක් ලෙස නිරූපණය විය යුතුය.

එහෙත් අදාළ කාලය තුළ මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය 42% කින් පමණ පහළ වැටී ඇත. එබැවින් ආණ්ඩුව විසින් මෙසේ ලබාගත් අතිරේක ණය ප්‍රමාණය යෙදවූයේ කවර අරමුණක්‌ සදහා ද යන්න පැහැදිලි නැත.

සිදුවූයේ කුමක් ද? ප්‍රශ්න දෙකක්.

මෙම ණය ප්‍රමාණය වැඩිවීමෙන් කොටසක් විදේශ විනිමය අනුපාතය ක්ෂය වීම නිසා ණය බර ඉහළ යාම විය හැකි නමුත්, එම ඉහළයාම උපරිම වශයෙන් 50% කට සීමා විය විය යුතුය. එම ගැළපීම කළ පසු ද මෙසේ ලබාගත් ඉතිරි ණය මුදල් වලට සිදුවූයේ කුමක්ද යන්න අපැහැදිලිය.

මෙම ගනුදෙනු සිදුව ඇත්තේ බැසිල් රාජපක්ෂ   මුදල් ඇමති වශයෙන් ද, අජිත් නිවාඩ් කබ්රාල්  මහ බැංකු අධිපති වශයෙන් ද, ආචාර්ය පී බී ජයසුන්දර  භාණ්ඩාගාර ලේකම් වශයෙන්ද කටයුතු කරන අවධියේ ය.

මෙම දත්ත මත පදනම්ව පර්යේෂකයින් විසින් ආණ්ඩුව සහ මහ බැංකුව වෙත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනු ලබයි.

  • පළමුවැන්න, රාජ්‍ය මුදල් පිළිබඳ වගකීම පවතින්නේ පාර්ලිමේන්තුවට බැවින් 2022 වසර සඳහා අපේක්ෂිත මුළු රාජ්‍ය වියදම ද ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුව මඟින් රජයට අනුමැතිය ලබා දුන්නේ ද?
  • දෙවැන්න, 2022 වර්ෂයේ මුල් මාස හතර ඇතුළත පමණක් ලබාගත් මුළු ණය ප්‍රමාණය එම කාලය තුළ රාජ්‍ය වියදම් ඉක්මවන්නේ නම්, එම අතිරික්ත මුදල් ප්‍රමාණය රාජ්‍ය ණය ආපසු ගෙවීම් වශයෙන් හෝ මහ බැංකුවේ සංචිත ඉහළ යාමක් වශයෙන් නිරූපණය නොවන්නේ ඇයි? එසේ නම් එම මුදල් වලට සිදු වූයේ කුමක්ද?
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත වේ…

Next Post

පාරිභෝගික සේවා අධිකාරිය පිස්සු කෙළියෙ නැතිනම් මේ වනවිට බිත්තරයක් රුපියල් 35යි… කුකුළු ගොවිපල හමියෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.