2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය අද සභා නායක බිමල් රත්නායක විසින් අද පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවේය.
ඔහු පෙන්වා දුන්නේ අදාල කාලය තුළ වයින් ස්ටෝස් යටතට ගැනෙන FL 4 බලපත්‍ර 172ක් දේශපාලන වාසි අපේක්ෂාවෙන් නිකුත් කර ඇති බවය.
අදාල නාම ලේඛණය සභාගත කරමින් සභානායකවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දීලා තියනවා මුදල් අමාත්‍යාංශයත් නියෝජනය කරමින් නව සු වර්ෂ 2024 ජනවාරි මස 01 දිනයෙන් පසු බදු බලපත්‍ර නිකුත් කරලා තියනවා.
පළාත් වශයෙන් බැලුවොත් බස්නාහිර පළාතට 110ක්, දකුණු පළාතට 48ක්, උතුරු පළාතට 32ක්, නැගෙනහිර පාළතට 22ක්. මධ්‍යම පළාතට 45ක්, උතුරු මැද පළාතට 14ක්, වයඹ පළාතට 30ක්, ඌව පලාතේ 30ක්, සබරගමුව 30ක්, සමස්ථ බලපත්‍ර 362ක් මේ කාලය තුළ ලබා දී තිබෙනවා.
මේවායින් විශේෂයෙන්ම අපි දන්නවා සිල්ලරව මත් පැන් අලෙවි කරන අපි වයින් ස්ටෝස් කියන මත්පැන් අලෙවි හල්වලට නිකුත් කරන්නේ එෆ්එල් 4 කියන බලපත්‍ර.
එවැනි බලපත්‍ර ලබා දී තිබෙනවා මෙම කාලය තුළ මේ ආකාරයට.
කොළඹට 22යි ගම්පහ 18යික කළුතර 08යි. ගාල්ල 09යි. මාතර 05යි. හම්බන්තොට 05යි. යාපනය 05යික කිලිනොච්චිය 16යි. වව්නියාව 2යි. මන්නාරම 02යි ත්‍රීකුණාමලය 4යි. මඩකලපු 1යි . අම්පාර 5යි. මහනුවර 11යි. මාතලේ 06යි… නුවරඑළිය 08යි. අනුරාධපුර 4යි. පොලොන්නනරුව 03යි. පුත්තලම 06යි. කුරුණෑගල 08යි. බදුල්ල 09යි. මොනාරාගල 07යි. රත්නපුර 06යි. කෑගල්ල 02යි. එකතුව 172යි.
බාර් ලබා දුන් අයගේ නාම ලේඛන සියල්ල තියනවා. අප එය සභාගත කරනවා. මෙම බාර් දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා ලබා දුන් ඒවා කියලා අප පැහැදිලිව ම කියන්න කැමතියි.
සභා නායකවරයා සභාගත කළ බාර් ලයිෂන් ගත් අයගේ නාම ලේඛණය මෙම දිගුවෙන් දැක්වේ. https://cdn.newsfirst.lk/sinhala-uploads/2024/12/Surapath.pdf







