අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර වඩාත් භයානකයි – රටටම ආරක්ෂා වෙන්නැයි වසංගත රෝග ඒකක ප්‍රධානියා කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් (Brandix) ආයතනය තුළ මේ වනවිට නිර්මාණය වී ඇති කොරෝනා පොකුර වැලිසර, කන්දකාඩු වැනි තැන්වල නිර්මාණය වූ කොවිඩ් පොකුරට වඩා භයානක බවත් මෙය බාහිර සමාජයට විශාල ලෙස විවෘත වී ඇති බැවින් සමස්ත රටේම ජනතාව මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවත් කොවිඩ් වැළැක්වීමේ සියලු සෞඛ්‍යාරක්ෂක පිළිවෙත දැඩි සේ අනුගමනය කළ යුතු බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ කොවිඩ්-19 පිළිබඳව අවධානය ගිලිහී යාම රටට බලපාන්නේ කෙසේද? සම්බන්ධයෙන් අද (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මීට පෙරද වැලිසර, කන්දකාඩු ආශ්‍රිතව මෙවැනි විශාල කොරෝනා පොකුරු නිර්මාණය වුවත් ඔවුන් කඳවුරු තුළම සිටි බැවින් එහි අවදානම අවම වූ නමුත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන මෙම පිරිස දිනපතා නිවාසවල සිට සේවා ස්ථානයට පැමිණි අතරම වැඩි වශයෙන් සමාජයට මුහු වූ පිරිසක් බැවින් මෙහි අවදානම වඩාත් විශාල වන බව ඒ මහතා මෙහිදී අවධාරණය කරන ලදී.

එමෙන්ම මෙහිදී පළමුව හඳුනා ගත් කොරෝනා ආසාදිත කාන්තාව හට මෙය වැළඳීමේ මූලාශ්‍රය මේ වනවිටත් ආවරණය නොවීම මත මෙය සමාජගත වීමේ අවදානම වඩාත් ඉහළ වන බවද වෛද්‍යවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මිනුවන්ගොඩ බ්‍රැන්ඩිසික්ස් ආයතනයේ දැනට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයන්ට අනුව මෙම පොකුරින් පුද්ගලයන් 71 දෙනෙකු කොරෝනා ආසාදිත පුද්ගලයන් බවට හඳුනා ගෙන ඇත.

එමෙන්ම පවතින තත්ත්වය අනුව අද දිනයේ එම ආයතනයේ PCR පරීක්ෂණ දෙදහස් සිදුකිරීමට තීරණය කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ මෙම ආයතනය සමග යම් සම්බන්ධ වූ අයෙක් සිටී නම් ඔවුන් නිවාස තුළම රැඳී සිටින ලෙසත් යම් ස්වසන අපහසුතාවක් හෝ පූර්ණ රෝග ලක්ෂණයක් පවතී නම් ඔවුන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කර වහාම රෝහල්ගත වීම සිදු කරන ලෙසත් වෛද්‍ය සමරවීර මෙහිදී සඳහන් කළේය.

වත්මන් තත්ත්වයත් සමගින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සමාජයට පැමිණ හැකි තරම් නිවාසවලම රැ‍‍දෙන ලෙසත් ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන අවස්ථා හැකි පමණින් සීමා කරන ලෙසද ඒ මහතා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග කටයුතු නොපැවැත්වීමට මේ වන විටත් කිසිදු තීරණයක් නොමැති බවත් පවතින තත්ත්වය මත ඉදිරි දින දෙක තුළදී ඒ පිළිබඳව නිශ්චිතව ම දැනුම් දෙන බව ද පැවසීය.

මෙම තත්ත්වය තවදුරටත් සමාජගත වීම ජනතාවගේ සාමාන්‍ය හැසිරීම මත තීරණය වන බවත් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව තම සහය නිරන්තරයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුන්වන වරටත් කෝවිඩ්-19 ආසාධිත තරුණයාගේ නිවස සෞඛ්‍ය අංශ අධීක්ෂණයට

Next Post

උඹන්පොල අනතුරින් එක් අයෙක් මරුට… 04කට බරපතලයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.