ඝාතනයට ලක් කරන ලද ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ ජංගම දුරකථනයෙන් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙත යැවූ බව කියන පණිවිඩය පිළිබඳව විමර්ශන අංශවල දැඩි අවධානයට ලක්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
තමාට බ්‍රයන් තෝමස් හමුවීමට අවශ්‍ය බවට සඳහන් එම පණිවිඩය යැවූ වෙලාව සහ ස්ථානය පිළිබඳව කළ විමර්ශනවලදී එය යවා ඇත්තේ ෂාෆ්ටර් බොරැල්ල කනත්ත සුසාන භූමිය වෙත පැමිණීමෙන් පසුව බව අනාවරණය වී ඇති බවත් තමන්ට බ්‍රයන් තෝමස් හමුවීමට අවශ්‍ය බවට සඳහන් එම පණිවිඩය යැවුවේ සැබැවින්ම ෂාෆ්ටර්ම ද එසේ නැතහොත් ඔහුව ග්‍රහණයට ගෙන සිටි ඝාතකයන්ද යන්න ඔස්සේ විමර්ශන සිදුවන බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
පසුගිය 15 වැනිදා සිදුවූ මෙම ඝාතනය පිළිබඳ ව කළ විමර්ශනවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් මල් පාරේ පිහිටි සිය නිවසින් පිටත් වී කෙළින්ම බොරැල්ල කනත්තට රිය පදවා ඇති බවට ප්‍රදේශයේ සීසීටීවී කැමරා නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
එසේ වුවද ඔහු වාහනයට අතරමඟදී යමකු ගොඩ වූයේද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැති අතර එසේ ගොඩ වී නම් ඒ දිනේෂ් ෂාෆ්ටර් හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු විය යුතු බවට විමර්ශන අංශ සැක පළ කරන අතර මේ ඔස්සේද විමර්ශන සිදුවෙමින් පවතී.
සිදුවීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබා ගත හැකි බව ට විමර්ශන අංශ විශ්වාසය පළ කරන කිහිප දෙකුම හඳුනාගෙන ඇත. ඉදිරියේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවද එම ආරංචි මාර්ග පැවසීය.
දිනේෂ් ෂාෆ්ටර් ගේ අවසන් කටයුතු ඊයේ (18 ) සිදු කෙරුණු අතර ඊට අදාළ ආගමික දේව මෙහෙය බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයේදී සිදුව ඇති අතර පෞද්ගලික ව මෙම දේහය මිහිදන් කිරීම සිදුව ඇත.







