දිනසේන රතුගමගේ –
-
ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් අධිකරණය තුළ සිද්ධ වී නෑ… වැරැද්ද පුරාවිද්‍යා නිලධාරින්ගෙ…
-
අධිකරණ නායෝග මත පුදබිම සුද්ධ කරලා දේව රූප තියලා පොංගල් උත්සවයක් පවත්වලා
-
පුරාවිද්‍යා නීති උල්ලංඝණය කරලා කටාරම් ලෙණක් කෝවිලට අත්පත් කරගෙන
කොළඹ සිටින පුරා විද්‍යා නිලධාරීන්ගේ දුර්වලකම් කීපයක් හේතුවෙන් වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී බෞද්ධ නටබුන් සහිත ස්ථානය 18 දා සිට අහිමි වී ගොස් තිබේ.
හින්දු බැතිමතුන් පිරිසක් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත අදාල ස්ථානයට ගොස් දේව රූප තැන්පත් කොට අවට අලංකාර කොට විශාල පොංගල් උත්සවයක් පවත්වා වෙඩුක්කුනාරී බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආදී ලිංගේස්වර කෝවිල ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.
මීට වසර දෙකකට ඉහතදී හින්දු බැතිමතින් පිරිසක් මේ ස්ථානයේ කෝවිලක් තැනීමට ගිය අවස්ථාවේදී පුරා විද්‍යා නිලධාරීන් ඊට එරෙහිවී වවුනියාව අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබුණි.
මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් වෙඩුක්කුනාරී ස්ථානය හින්දු ආගමික ස්ථානයක් බව කියමින් නෙඩුන්කේණී නගරයේ විශාල විරෝධතාවයක් පවත්වා යහපාලන රජයේ බලධාරීන්ට ඒ පිළිබදව තරයේම කියා සිටිමින් ඔවුන්ගේ අයිතිය පෙන්වා දුන්හ.
ඒ අනුව පුරාවිද්‍යා නිලධාරීන්ට බෞද්ධ නටබුන් පිහිටි ප්‍රදේශයෙන් මීටර් 500 ක් දුරින් ප්‍රදේශයක් හින්දු බැතිමතින්ට ලබාදීමට සිදු වුණි.
හින්දු බැතිමතුන් එම ප්‍රදේශයද අත්පත් කරගෙන බෞද්ධ නටබුන් පිහිටි කටාරම් ලෙනක් තුළද මේ වන විට දේව රූප තැන්පත් කොට එම ස්ථානය ඔවුන්ගේ කෝවිලක් බවට පත් කරගෙන තිබේ.
මේ කෝවිලේ පොංගල් උත්සවය පැවැත්වීමට හින්දු බැතිමතුන් උත්සහ කළ අවස්ථාවේදී නෙඩුන්කේණී පොලීසිය හා පුරාවිද්‍යා නිලධාරීන් වවුනියාව අධිකරණයට පෙත්සමක් ගොණු කරමින් එය නවතා දෙන ලෙස ඉල්ලා සිටියත් ගත වූ කාලයේදී එම ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් අපොහොසත්වීම නිසා අධිකරණය තීන්දු කළේ එම ස්ථානයේදී හින්දු බැතිමතුන්ට පොංගල් උත්සවය පැවැත්වීමට අයිතියක් ඇති බවටය.
පුරාවිද්‍යා නිලධාරීන් හා පොලීසිය එක්ව මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානය නෙඩුන්කේණී තන්නිමුරුප්පු කුරුදුමලේ විහාරය නෙඩුන්කේණී වෙඩුක්කුනාරී බෞද්ධ නටබුන් සහිත ස්ථානය මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බුද්ධ විහාරය යන ස්ථාන සම්බන්ධයෙන් අධිකරණ වල නඩු පවරා ඇතත් අයිතිය තහවුරු නොවීම නිසා එම ස්ථාන වල අයිතිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව තිබේ.