බම්බලපිටිය ක්‍රෙස්ටර් පෙදෙසේ සත්මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලින් වැටී පසුගිය 28 දා සවස මිය ගිය 15 හැවිරිදි දරුවාගේ මරණය මත්ද්‍රව්‍ය සම්බන්ධ සිය දිවි නසාගැනීමක් විය හැකිය යන සැකය මතුවෙමින් ඇතැයි විමර්ශකයෝ පවසති.
දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි දරවු වී ඇත්තේ ඔහුගේ සිරුරේ රුධිරගතව මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බවය.
බිමට ඇදවැටුණු දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.
මෙම දරුවා පවුලේ එකම දරුවා බවත් ඔහු එම නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ නිවසක මව සහ පියා සමග පදිංචි වී සිට ඇති බවත් පොලිසිය කියයි.
මරණය පිළිබඳ විමර්ශනය සඳහා සීසීටීවී දර්ශන නිරීක්ෂණයේ දී දරුවා ත්‍රී රෝද රථයකින් නිවසට පැමිණෙන අයුරුත්, පසුව පස්වැනි මහලෙන් ඇද වැටෙන අයුරුත් නිරීක්ෂණය වී ඇත.
අනතුරට පෙර මෙම දරුවා සිය මවට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත්, ඒ වනවිට ඇය ආගමික කටයුත්තක් වෙනුවෙන් නිවසින් බැහැරව ගොස් ඇති බවත් වාර්තා වී ඇත.
බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







