රජයේ සුරැකුම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරමින් මහ බැංකුවේ අනුමැතියකින් තොරව එම මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාමේ නඩුවේ විත්තිකරු ලෙස නම් කර ඇති අදාල මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරයෙක් අතාර්කික ලෙස වෛද්‍ය හේතූන් සකස් කරමින් ඇප ලබා ගැනීම සඳහා මේ වනවිට බරපතල උත්සාහයක යෙදෙමින් ඇති බව බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
උක්ත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් වරෙන්තු පිට සිටි මෙම අධ්යක්ෂවරයා අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන්නේ 2022 වසරේ දී ය.
කෙසේ වෙතත් මින් මාස තුනකට පමණ පෙර ඔහු පපුවේ ආමාරුවක් ඇති බව කියමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලේ අදාල සායනයන් වෙත යොමු කර තිබේ.
බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ සිදුකර ඇති මූලික වෛද්‍ය විමර්ශනවලින් මෙම පුද්ගලයා බරතපල රෝගී තත්ත්වයකින් නොපෙළෙන බවය.
එහෙත් ඉතා සූක්ෂම ලෙස වෛද්‍ය වාර්තා සකස් කරගනිමින් නීතිඥ මණ්ඩලක උපදෙස් සහිතව ඔහු අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ කටයුත්තක නිරත වෙමින් ඇති බව බනධනාගාර රෝහලේ විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







