සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් රටේ අන්තර්වාර ආණ්ඩුවක අගමැති පොරය…

by editor
මැයි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිවරයා අතර නව ආණ්ඩුවේ  අගමැති ධුරය සඳහා සාකච්ඡා ආරම්භ කිරීමත් සමග එම ධුරය වෙනුවෙන් බල පොරයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11ක ස්වාධීන කණ්ඩායම අපේක්ෂා කළ ආකාරයට සජිත් ප්‍රේමදාස වගකීම භාර නොගැනීමේ අවස්ථාව උපයෝගී කරගෙන රනිල් වික්‍රමසිංහ  පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු බහුතරයක්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩිමනත් කොටසක්, සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සුලු පිරිසක් සමග නව රජය පිහිටුවීම සඳහා  අවස්ථාව ලබාගෙන ඇත.

මේ ප්‍රවේශයට දැඩිව විරෝධය පලකරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ මහලේකම් දයාසිරි ජයසේකරය.  ඔවුන්ගේ මැදිහත් වීමෙන් ඊයේ රාත්‍රියේම අගමැති ධුරය සඳහා විජේදාස රාපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුමගේ නම් යෝජනා වූයේය.  එහෙත් ඒ නම් ජනාධිපතිවරයා වෙත නොයැවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීවේය.

මේ අතර කරූ ජයසූරිය අගමැති ධුරයට පත් කිරීම සඳහා ජාතික එකඟතාවයක් ඇතිකිරීමට මැදිහත්වුණු සර්ව ආගමික නායකයින්ගේ ඉල්ලීම මත තවත් කණ්ඩායමක් කටයුතු කරමින් ඇත.

මේ අතර සරත් ෆොන්සේකා ඊයේ දහවල් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ හමුවී අමැති ධුරය සම්බන්ධව දීරඝ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම වගකීම භාර ගැනීම කරහරින පසුබිමකය.  මේ හමුවත් ඊයේ සිදුවූ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමට පාදක වුන සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බුදය තීව්‍ර කිරිමට හේතු වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ෆොන්සේකාගේ මෙම හමුව මාධ්‍යවල පලවීමත් සමග ඔහු සිය ෆේස් බුක් ගිනුමේ මෙසේ සටහන් කර තිබිණි.

”අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි. සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි. ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි. ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි”

ෆොන්සේකා ජනාධිපති හමුවී පැමිණ මෙසේ කියා ඇත. වාර්තා වන පරිදි එක් එක් පාර්ශව සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැතිකම වෙනුවෙන් පුද්ගලයින් ලෙස පොරකද්දී රනිල් වික්‍රමසිංහ තමන්ට කැමති පිරිස සම්බන්ධව ඉලක්කම තහවුරු කරගැනීමට කටයුතු කර ඇත.

වාර්තාවන පරිදි රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නැති බව ටී.එන්.ඒ  ප්‍රකාශ කළේය.  ශාන්ක්කියන් රාසමාණික්කම් ඇතුළු පිරිසක් රනිල් සමග එක්වීමට දැඩිව විරෝධය  පල කර සිටිති. එහෙත් ටී.එන්.ඒ කණ්ඩායමක් රනිල් සමග එක් වීමට සූදානමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියය.

සමගි ජන බලවේගය සමග සිටින සුලු පක්ෂ රනිල් වික්‍රමසිංහ සමග මෙම අන්තර්වාර පාලන ආණ්ඩුවට එක්වීමට  තවම එකඟතාවය පල කර නැතැයි දැනගන්නට ඇත.

මේ අතර අර්බුදයට විසඳුමක් ලෙස අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳ සංවාදය මේ වනවිට කොළඹ මහජන පුස්තකාල ශාලාවේ ඇරඹී ඇත. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඇරයුම් ලැබී ඇත. රනිල් සමග සන්ධානගත වීමට එරෙහි වූ දෙමළ ජාතික සන්ධානයේ ශානක්කියන් රාසමානික්කම්,  මාධ්‍ය ප්‍රකාශක එම්.සුමන්තිරන් සජිත් ප්‍රේමදාස සමග  එම අවස්ථාවට එක් වී සිටිති.

කෙසේ වෙතත්   බහුතරයක් සමග අන්තර්වාර රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ කටයුතු කටයුතු කරනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධයෙන් මිය ගිය පිරිස් සැමරීමට උතුරෙන් දකුණට ඇරයුමක්…

Next Post

අද සවස නව අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.