දිනසේන රතුගමගේ-
යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්හ වන සැමරුම් සතිය අද (12) සිට ආරම්භ කෙරෙන බවත් යුද්ධයෙන් මිය ගිය පිරිස් සැමරීම සඳහා පැවැත්වෙන මෙම උත්සවයට දකුණේ යුද වින්දිතයිනට ද ඇරයුම් කරන බවත් දෙමළ ජාතික සංස්කෘතික සභාව පවසයි.
කිසිම දේශපාලන අරමුණකින් තොරව මෙසේ ආරම්භවන සැමරුම් සතිය 18 වෙනිදා උත්සවයකින් යුතුව නිමාවට පත් වන බවත් යුද්ධයෙන් මියගිය සියළු දෙනා සිහිපත් කිරීම මේ වැඩ සටහනේ අරමුණ බවත් ඔවුන් පෙන්වා දෙයි.
දෙමළ සංස්කෘතික සභාව පවසන්නේ මුල්ලිවයික්කල් උත්ස්වයට අමතරව උතුරු නැගෙනහිර පළාත් වලදී සුළු උත්සව රැසක් ජනතාවගේ පහසුව සඳහා සූදානම් කොට ඇති බවය.
මෙවර යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන උත්සවවලට දෙමළ දේශපාලනඥයින්ට සහභාගී විය හැකි නමුත් ඊට කවර ආකාරයකින් හෝ දේශපාලන මුහුණුවරක් ලබා දීමට අවස්ථාව නොදෙන ඔවුන් කියයි.
යුද්ධයෙන් තම සාමාජිකයින් මියගිය දකුණේ පවුල්වල සාමාජිකයින්ටද මේ අවස්ථාවට සහභාගී විය හැකි බවත් දෙමළ සංස්කෘතික සභාව දැනුම් දී තිබේ.