කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් ව්‍යවස්ථාවට අනනුකූල වන වගන්ති සහ වචන සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් සහ ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කතානායකවරයා පාර්ලිමේන්තුවට කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.