දිනසේන රතුගමගේ –
මුලතිව් ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් පසුව සාමාන්‍ය වැසියෝ විශාල ප්‍රමාණයක් නිරෝධායන රීති හා සංචරණ නීතිරීති නොතකා කිලිනොච්චිය මුලතිව් මාර්ගය ඔස්සේ මුලතිව් යාමට පැමිණියද ධර්මපුරම් මාර්ග බාධකයේදී යුද හමුදාව හා පොලීසිය ඔවුන්ව ආපසු හරවා යැවීමට කටයුතු කළහ.
මේ පැමිණි පිරිස අතර සිටි රජයේ සේවකයින් හා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන පිරිස පරීක්ෂා කොට බලා ඔවුන්ට යාමට අවසර ලබා දෙන ලදී.
ඉතිරි පිරිස මෙම මාර්ග බාධකය හරහා නීති රීති නොතකා මුලතිව් බලා යාමට පැමිණ සිටියේ මුලතිව් පළාතේ සංවිධානය කොට තිබූ යුද්ධයේදී මියගිය පිරිස සැමරීමේ උළෙලකට සහභාගී වීම පිණිසය.