බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය නම් මාලිමාව නොවෙයි… පත්කරගත යුත්තේ මාවයි…. ජනපති රනිල් කියයි!

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වෙනත් පක්ෂයක ආර්ථික ප්‍රතිපත්ති සමග ගියහොත් මේ රටට සිදුවන්නේ ආජන්ටිනාවට සිදුවූවාක් සේ බිඳ වැටෙන්නට බවත්, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය නම් ඊලඟ ජනාධිපතිවරයා ලෙස තමන් පත් කරගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරුණයින් අමතා ඊයේ (09) ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේදී එක තරුණියක විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. අප ඔබතුමා මීලඟ ජනාධිපතිවරයා ලෙස තෝරා ගත යුත්තේ කුමක් නිසාදැයි විමසූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

මම මේ රට භාර ගෙන සාමාන්‍ය ජන ජීවිතයක් මේ වන විට ඇති කර තිබෙනවා. බඩු මිල වැඩිවීම වැනි ප්‍රශ්න කිහිපයක් තවමත් තිබෙනවා. නමුත් ආර්ථිකයේ ස්ථාවරභාවය තහවුරු කළ යුතුයි. එය තහවුරු නොකළහොත් ආර්ථිකය කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටුණහොත් නැවත එදා තත්ත්වයට පත් වෙනවා.

ඔබේ අනාගතය තීරණය කිරීමට මේ වසර පහ අවශ්‍යයි. ස්ථාවරභාවය තහවුරු කිරීම ප්‍රමාණවත් නැහැ. තහවුරු කිරීමෙන් පමණක් අපි කොහොමද අපට අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ? අපේ ආනයනවලට ගෙවීමට අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. අපේ අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. අපනයන ආර්ථිකයට ගියාම තමයි අපනයන ආර්ථියක් හැදෙන්නේ. එසේ නොමැති නම් තවත් අවුරුදු 15කින් ආර්ජන්ටිනාව වගේ මේ ආකාරයටම ගොඩ එන්න බැරි විදියට, මීට වඩා දරුණු ආකාරයට කඩා වැටෙනවා. මේ අවස්ථාවේ නිවැරදිව ක්‍රියා කළොත් ඒ තත්ත්වය නොවී ඉදිරියට යන්න අපට පුළුවන්.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අනෙක් පක්ෂ කියනවා බදු අඩු කරනවා කියලා. මමත් කැමතියි බදු අඩු කරනවා කියලා කියන්න. නමුත් අපේ ආදායම් මදි නම් කොහොමද බදු අඩු කරන්නේ? අයි. එම්. එෆ් සංවිධානය කියන්නේ අපේ ආර්ථිකයට තවත් අපේ ණය බර උසුලන්න බැහැ කියලයි. ණය ගැනීම නිසා ආර්ථිකය කඩා වැටෙන්න යනවා.ඒ නිසා ණය ගන්න එපා කිව්වා. නමුත් අපට තව ටික කලක් ණය ගැනීමට සිදු වෙනවා.

අය වැය පරතරය වහන්න ණය ගන්නවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට වඩා ගන්නේ නැහැ කියලා අපි එකඟ වුණා. අපේ අය වැය සකස් කළ යුතු වන්නේ ඒ අනුවයි. ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබිය යුතුයි. එසේ නොකළ හොත් අපට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම බැංකුවලින් ණය ගන්න බැහැ. මුදල් අච්චු ගහන්න බැහැ. රුපියල ශක්තිමත් කිරීමට මේ මාර්ගයේ යා යුතු වෙනවා. අනෙක් අය කියනවා වගේ බදු අඩු කර වියදම් වැඩි කරන්න බැහැ.

2025 අයවැයට අපිට ලබා දී ඇති සීමා අනුවයි අපි ක්‍රියා කරන්නේ. ඒ අනුව 2025ට සම්පූර්ණ වියදම රුපියල් බිලියන 6898ක් වෙනවා. නමුත් අපේ ආදායම රුපියල් බිලියන 5100යි. මේ පරතරයට මොකක්ද කරන්නේ? රුපියල් බිලියන 1700ක පරතරයක් තිබෙනවා. එතන 5% (5.2%) අල්ලනවා. අප සතු ප්‍රාථමික ශේෂයේ අතිරික්තය වන්නේ රුපියල් බිලියන 781යි. එවිට රුපියල ස්ථාවර වෙනවා.

මාලිමාවේ යෝජනා සමඟ ඒ අයවැය හැදුවොත් කොහොමද කියලා බලමු. ඒ අනුව අපේ වියදම ඩොලර් රුපියල් 8900 කට වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 2000කින් වැඩි වෙනවා. නමුත් ඔවුන් බදු අඩු කරන නිසා ආදායම රුපියල් බිලියන 4900 යි. අපට වඩා රුපියල් බිලියන 2000ක් අඩුයි. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 4000යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9% යි. මේක තමයි වෙනස.

අපි ප්‍රාථමික ගිණුම් ශේෂය 2.3%ක තබාගන්න. නමුත් මෙතන සෘණ 4.3%ක් වෙනවා. මෙහෙම පොරොන්දු දීලා ආපහු අපි රට වට්ටන්න යන්නේ. මුදල් නැතුව මාර්කට් එකට ගියොත්, මාර්කට් එකෙන් මුදල් ගත්තොත් එවිට පොලිය 25%ක් වෙයි. මේ අනුව ගිය හොත් අයි.එම්. එෆ් මීළඟ වාරිකය අපට ලැබෙන්නේ නැහැ. එවිට අපේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. එවිට ඩොලරය රුපියල් 400ක් පමණ වෙයි. අයි. එම්.එෆ් මුදල් දෙන්නේ නෑ කිව්වම ඩොලරය රුපියල් 500ක් බවට පත් වෙයි. අපි මේ දේශපානය කළ යුතුද?

මම මෙහෙම කරන්නේ නෑ කියලා මට බණිනවා. මම මේ විදියට කළොත් ඔබේ අනාගතය මම පාවලා දුන්නා වෙනවා. මෙය අමාරුයි. නමුත් අපි මෙතැන් සිට ඉදිරියට යමු. වසරක් දෙකක් යන විට මේ තත්ත්වය වෙනස් වෙනවා. ‘පුළුවන් ශ්‍රී ලංකා’ හි තිබෙන්නේ වැඩ සටහනක්. එය සැලැස්මක්. සැප්තැම්බර් 22 වනදාම එය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනෙක් ඒවා කරන්න පුළුවන්ද? එකක් කියනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. ඒක හරි. මම ජනාධිපති වුණාම රට පොහොසත් වෙනවා. ජීවිතය ලස්සන වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිතුරන් ඇස් ඉදිරිපිට මරා දමද්දි මරණය එළිපත්තේ ඉද්දි අරමුණු අත් නොහල අපි ගැන ඔබ තැබූ විශ්වාසය අමබල් රොණකින් නැතිවෙන්න තියන්නෙ නෑ… අනුර කියයි!

Next Post

නුවර සමගි ජන රැළියේ රතිඤ්ඤා පුපුරවා 09 තුවාල කිරීමේ සිද්ධියට සැක පිට අත් අඩංගුවට ගත් 02ක් ලබන 20 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

Comments 1

  1. DILRUKSHAN says:
    වසර 2ක් ago

    පුළුවන් විකුණන්න… පුළුවන් බැංකු කඩන්න… බ්‍රෙස්ල්ට්, මාල දුන්න වගේ තමා. මේවා ටොම් පච..

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.