සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ කිසිම දේශපාලන වැඩකට මින් පසු මිනුවන්ගොඩ පොහොට්ටු  මන්ත්‍රීවරු නෑ – නගර සභා සභාපති නීල් ජයසේකර!

කුඩා පොහොට්ටුවන්ගෙන් පොහොට්ටු අරටුවලට පණිවිඩයක්..

by editor
සැප්තැම්බර් 13, 2022
in පුවත්
Neel
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

  • ගෙවල් ගිනි තියලා මාස 04යි. ඉන්න හිටින්න තැනක් නෑ. දරුවන්ගෙ අධ්‍යාපනය විනාසයි… අපට වෙච්චි අපරාධය ගැන වචනයක් කතා කරන්නෙ නැතිව පක්ෂය ගොඩදාන හැටි කතා කරන්න පක්ෂ මූලස්ථානයට ගෙන්වනවා..

  • ලොක්කන්ට හානි පූර්ණය කරනවා නම් අපිට ඒ වගේ දෙගුණයක් ගෙවන්න වේවි. සත පහක් ආණ්ඩුවෙන් හොරකම් කරගෙන නෙමෙයි අපේ ගෙවල් දොරවල් හැදුවේ..

මින් පසු පොදුජන පෙරමුණේ කිසිම පක්ෂ කටයුත්තකට මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති ලෙස තමාත් තම මන්ත්‍රීවරුනුත් සහභාගී නොවීමේ තීරණයක් ගැනීමට සූදානම් බව මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර අද (13) මිනුවන්ගොඩ  නගරසභා සැසිවාරයේ දී පැවසුවේය.

නිවාස ගිනි තබා සියලු දේ නැතිවූ පසු යන එන මං නොමැතිව අන්ත  අසරණ වී සිටින තමන් ඇතුළු පොදු ජන පෙමුණේ ප්‍රාදේශීය දේශපාලකයින්ට සිදුවූ සමාජ ව්‍යසනය පිළිබඳ එක් වචනයකින් නොවිමසා පක්ෂ මූලස්ථානයට කැඳවා පක්ෂය සංවර්ධනය කිරීම ගැන විමසන මේ දේශපාලකයින් සම්බන්ධ ඇත්තේ දරා ගත නොහැකි කළකිරීමක් බව ඔහු අද සභාවේ දී විවෘතව ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ පොදු ජන පෙරමුණේ නායකයාටත් පක්ෂයේ ඉහළම තැනටත් මේ කතාව කණේ තියන ලෙසත් ලොකු කතා කීවාට කිසිම තේරුමක් නැති බවත් සභාපතිවරයා පැවසුවේය.

ඔහු මේසේ ද කීවේය.

අපට තියන වේදනාව අපි මිනිස්සුන්ට කිය කියා  පස්සෙන් ගියෙ නෑ.    මට ඉන්න හිටින්න තැනක් නෑ. මගෙ දරුවන්ගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. තුන්වන දරුවට යන්න පාසලක් නෑ. මම කුලියාපිටියට ගියා ඉන්න හිටින්න තැනක් නැති නිසා . අපට වෙලා තියන හරිය කියාගන්න වචන නෑ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අද වෙනකම් අපේ පක්ෂය අපෙන් ඇහුවෙ නෑ මොකද කරගත්තෙ කියලා. කිසි කෙනෙක් කතා කළේ නෑ. සභාපතිවරු ලෙස අපව පක්ෂ මූලස්ථානයට කැඳෙව්වා. අපට වෙච්චි දේ ගැන වචනයක් අහන්නෙ නැතිව පක්ෂයේ ඉදිරි සංවර්ධනය ප්‍රගතිය ගැන කතා කරනවා.

අපි තීරණයක් ගනිමු. අපට ඔය පක්ෂයෙ වැඩවලට එන්න කිව්වාම අපි තිරණයක් අරන් අපේ පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඒවට යන්නෙ නැතිව ඉඳිමු.

ලොකු කතා කිව්වට බෑ… වෙන්න ඕන අසාධාරණය අපට වෙලා ඉවරයි. අපට සාධාරණය ඉටුවෙන තුරු පක්ෂයේ කිසිම වැඩකට සම්බන්ධ නොවී හිඳිමු.

මගෙ මේ කතාව ඉස්සරවෙලාම ගිහින් කණේ තියයි ඉහළම දේශපාලන අධිකාරියට. මට කමක් නෑ. කවුරු මොනව කිව්වත් මට කමක් නෑ. මිනුවන්ගොඩ නායකයට කිව්වත් කමක්  නෑ.

අපි ජීවත් වෙන්නනෙ අන්ත අසරණ තත්ත්වයක. බැංකු ණය අරන් මගෙ නිවස හදාගෙන අවුරුදු 10කට පස්සෙයි මම නගරාධිපති වෙන්නෙ. මම මගෙ දරුවන්ට මහජන දේපල හොරා කාලා කන්න දීලා නෑ.

ඒ මිනිස්සුන්ට හානි පූර්ණය කළා නම් ඒ වගේ දෙගුණයක් අපට සහන සලසන්වන්න ඕන.

එම සභාව තුළම පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී දීපාල් ගුණවර්ධන ප්‍රකාශයක් කරමින් කීවේ  ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ නායකයා තමන් ට කතා කර   ඉන්න තැන පරිස්සමින් ඉන්න ලෙස උපදෙස් දුන් බවය.

“අපේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. වාහන ගිනි තිබ්බා. ඒත් අපේ ආණ්ඩුව නිකම් ගෙනත් ඇහුවෙ නෑ උඹලට මොකද වුනේ කියලා. “

“ඔබ දැනගත යුතුයි.

“අපේ ගෙවල් ගිනි තියලා දැන් මාස හතරක් වෙලා. වන්දි නෙමෙයි උඹලට මොකද වුනේ කියලා පක්ෂයෙන්  අහලා නෑ.

දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි. නමුත් ආණ්ඩුවේ පරිපාලනය කරන්නේ පොහොට්ටුව.“

“ප්‍රසන්න රණතුංග අපේ පාළාතෙ නායකයා. අපේ ගෙවල් ගිනි තියපු වෙලාවෙ ඔහු කිව්වෙ ඉන්න තැන පරිස්සමින් ඉන්න කියලා.

මේ ප්‍රශ්නය සභාවෙ කතා කළේ ගෙරද ප්‍රශ්නය ගෙදරදි විසඳගන්න උත්සාහ කරලා බැරිම තැනයි. ඒ නිසා සභාවක් ලෙස මන්ත්‍රීවරයෙක් ලෙස රටට කියන්න ඕන. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව  සනත් නිශාන්තට සිතාසි නිකුත් කරනවා ද නැද්ද?. තීන්දුව 29 දා…

Next Post

වසන්තට නෙමෙයි… කිසිම දරුවෙකුට මෙහෙම කරන්න එපා… ආදිවාසී නායකයා ජනපතිට කියයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.