-
පොලිසියේ ඉහළම ඇවරියේ නිලධාරීන් විශාල පිරිසක් එකවර සමුළුවකට සම්බන්ධක කළ මෑත කාලයේ අවස්ථාවක්… පොලිස් ආරංචි මාර්ග කියයි…
මෑත පොලිස් ඉතිහාසයේ ශ්‍රී ලංකා පොලිසියේ විශාලම පොලිස් නිලධාරීන් පිරිස එක්වර ඉන්දියාවේ පැවැත්වෙන පාඨමාලාවක් සහ සමුළුවක් වෙනුවෙන් සහභාගී වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
මෙම පොලිස් නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03ක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11ක් සහ එක් නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස ඉහළම නිලධාරීන් 15 දෙනෙක් එක්වර මෙම වැඩමුළුවට සහභාගී කරවා තිබේ.
නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති- තිලක් ධනපාල වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අජිත් රෝහණ මේ වනවිට එම පාඨමාලාවට සහභාගී වී සිටිති.
මීට අමතරව අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති එම්.එන්එස් මෙන්ඩිස්, කොළඹ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රදීප් කළුපහණ,
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, බඳවා ගැනීම් සහ පුහුණු නියෝජ්‍ය පොලිස්පති එච්.සීඒ. පුෂ්පකුමාර, යාපනය නියෝජ්‍ය පොලිස්පති ජීඑච් මාරපන, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති මංජුල මාගිරිල්ල, නාවික හා සංචාරක නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්රී, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්,
කලුතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු.ජේ පද්මිණි මෙම වැඩසටහන සඳහා එක් වී ඇත.
උක්ත පාඨමාලාව අද සිට සතියක් පුරා පැවැත්වීමට නියමිතව තිබේ. පොලිසියේ ඉහළම ඇවරියෙන් මේ තරම් විශාල පිරිසක් එක්වර සම්බන්ධ කරවා ඇති මෙම ඉන්දීය පාඨමාලාව සම්බන්ධව ඉතිහාසයට එක් වන බව කියන්නේ පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගමය.







