සුමිත් පොතුපිටිය
අළුත් අවුරුද්ද වෙනුවෙන් පානදුර වෙරලට පැමිණ සිටියදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටී පුද්ගලයකුගේ දිවි බේරාගැනීමට පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් අද සමත්ව ඇත.
පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිට පුද්ගලයකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටින බවට ලද තොරතුරක් මත ජීවිත ආරක්ෂක ඒකකය භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න ගේ ක්ෂණික උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එම් නිමල්සිරි ඇතුළු නිළධාරීන් විසින් මෙම පුද්ගලයා බේරාගෙන තිබේ.
ගොඩගන්නා විටත් දැඩි ලෙස වතුර පෙවී සිටී බැවින් මූලික ප්රථමාධාර ලබාදීමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට ඔහුව යොමුකර තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇතැයි රෝහල් ප්රකාශකයෙක් පැවසීය .







