බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් කොමිසම පොලිස්පති රූකඩයක් කර ඇති හැටි වැඩබලන පොලිස්පති හෙළි කරයි!

by editor
පෙබරවාරි 22, 2025
in පුවත්
Priyantha-Weerasooriya
Share on FacebookShare on Twitter

පොලිස් කොමිසම මේ රටේ පිහිටුවා ඇති ස්වරූපය අනුව පොලිස්පතිවරයා නාමික පුද්ගලයෙක් බවට පත් කර ඇතැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (22) පැවසුවේය.

ලෝකයේ කිසිම රටක නැති බලයක් සහිතව පොලිසියේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන පොලිස් කොමිසමේ හැසිරීම පොලිසියේ විනය පිරිහීමට ද ප්‍රධාන හේතුවක් බව ඔහු අවධාරණය කළේය.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ආක්ෂක ප්‍රධානීන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එහිදී මෙසේ ප්‍රකාශ කළේය.

පොලිස් කොමිසම් තියෙන්නේ පොලිසියේ අභයන්තරය පාලනය කරන්න නෙමෙයි. එක්සත් ජනපදය ගත්තත් වෙනත් රටවල් ගත්තත්  මහජන ප්‍රශ්න විසඳන්න සහ නිලධාරී විෂමාචාර ක්‍රියා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

හැබැයි ඒ දෙකම පැත්තකින් තියලා පොලිසියේ අභ්‍යන්තර පාලනයට  පොලිස් කොමිසම ඇවිත් තියනවා. මොකද වැරදි තැනක අපි පිහිටුවලා තියන හින්දා පොලිසියේ කටයුතු පාලනය කරගන්න බැරි තැනකට ඇවිත් තියනවා.

ඒ සම්බන්ධව මම ලිඛිතව දැනුම් දීලා තියනවා පොලිස් කොමිසමට. එකක් පත් කිරීම. අනික විනයානුකුළ කටයුතු කිරීම. අනිත් එක ඔවුන් ස්ථාන මාරු කිරීම.

මේ තුන නැතිනම් පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයෙක් බවට පත් වෙනවා. එතකොට අපට මෙකෙන් අවශ්‍ය සාධාරණය, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අපහසු වෙලා තියනවා.

සමහර වෙලාවක අපි වැරදි මතකය හිටියා ස්ථානාධිපතිවරුන් පත් කිරීම කියලා. පත් කිරීමට අපි නිතිපතිතුමාගෙන් අර්ථ නිරූපණ ගත්තා. අපි කරන්නේ පත් කිරීමක් නෙමෙයි. ස්ථාන මාරු කිරීමක්.

අපි ඒ සම්බන්ධව දිගින් දිගටම ඉල්ලා සිටියා. එතැනින් නිවැරදි වුනොත්, පොලිස් ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීම, ඔවුන් සම්බන්ධව අදාල ක්‍රියාමාර්ග ගැනීම, පොලිස්පතිවරයාට පැවරිය යුතුයි කියලා ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ඉන්නවා.

මොකද ඒක තමයි මේ විනය පිරිහෙන්න එක් හේතුවක් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපට  නැවත පත් කිරීම්වල විශාල ගැටලුවක් තියනවා. ඒ සම්බන්ධයෙනුත් පොලිස් කොමිසමට භාර දීලා තියනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු සභාපති ගිනි අවියක් සමග අත් අඩංගුවට…

Next Post

පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා..

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.