fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කොන්දේසි විරහිත කණගාටුව පළ කරයි…

by editor
නොවැම්බර් 16, 2022
in පුවත්
438 5
DC-Wicramarathna
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝග පිළි නොපැදීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න හා තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට කොන්දේසි විරහිතව කණගාටුව පළ කර සිටියහ.

ඔවුන් මෙසේ කණගාටුව පළ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර සමඟ, අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස්ගේ වැටුප් ගෙවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, පිළිනොපැදීම හේතුවෙනි.

ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සමකට අදාළව අද දිනයේ, අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති වික්‍රමරත්න  , නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙන මහින්ද ගුණරත්න හා ජේ. එස් වීරසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන එම්. එන් එස් මෙන්ඩිස් හා සනත් කුමාර යන නිළධාරිහු, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වන ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ, මෙසේ කණගාටුව පළ කර සිටියහ.

පොලිස්පතිවරයා ඇතුළු නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ  අධිකරණය හමුවේ දන්වා සිටියේ, අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්, සිය සේවාදායකයා වන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්, කොන්දේසි විරහිතව කණගාටුව පළ කර සිටින බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කර සිටියේ, එම නියෝග අනුව කටයුතු කිරීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය ප්‍රමාදයන් නිසා බවයි. කෙසේ වුවද, පෙත්සම්කාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවයේ යළි පිහිටුවීම, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව සිදුව ඇති බව ද ඔහු දැනුවත් කළේය.

පෙත්සම්කාර සුගත් මෙන්ඩිස්   ශානි අබේසේකර   සමඟ අත්අඩංගුවට පත්ව, මාස එකොළහක්, රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත.

Tags: නවතම
Share70Tweet44
Previous Post

මිනිස් ජාවාරමුන් සොයා රට පුරා වැටලීම් –   සති දෙකෙන් දෙකට ප්‍රගතිය බලයි !

Next Post

සණස ලයිෆ් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

Related Posts

පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ජනවාරි 30, 2023
පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Next Post

සණස ලයිෆ් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist