දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය අලෙවි බලකාය ඇගැයීම වෙනුවෙන් “සණස ලයිෆ් සියපත-2021” සම්මාන උළෙල සාර්ථකව පැවැත්වීය. දිවයින පුරා ශාඛා 80කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් අලෙවි හා අලෙවි නොවන සණස ලයිෆ් සාමාජිකයන් 400කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවය කොළඹ Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා රක්ෂණ සංගමය 2022 සඳහා ජීවිත රක්ෂණ සමාගම්වල කාර්යසාධන වාර්තාව පසුගිය දිනක ප්‍රකාශයට පත් කළ අතර එහිදී සියලු ජීවිත රක්ෂණ සමාගම් අභිබවමින් 81.5%ක වර්ධන වේගයක් ලබා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් 09 වන ස්ථානය ලබා ඇත.
එවැනි සාර්ථකව කාර්යසාධනයක් පෙන්වීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වූයේ තම සේවක කණ්ඩායමේ අප්‍රතිහත කැපවීම නිසා බව මෙම අවස්ථාවට එක් වෙමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය. සිය සමාජ වගකීම් මැනවින් හඳුනා ගත් ආයතනයක් ලෙස සණස ලයිෆ් පසුගිය උසස් පෙළ විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානය ලැබූ දර්ශන නිපුන් ආරියරත්න සිසුවා මෙම උත්සවය සඳහා විශේෂ අමුත්තෙකු ලෙස කැඳවා තිබූ අතර ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරන ලදී. සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනකාරීත්වය ඇතුළු විශාල පිරිසක් එක්වීය.