මේ දිනවල පවතින ඇසළ පෙරහැර හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නවාතැන් හෝටල් කාමර පිරී ඇති බැවින් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ නවාතැන් පහසුකම් සඳහා එම පළාතේ නිවාසවලට විශාල ඉල්ලුමක් ඇති වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම පළාතේ නිවස්වල අමතර කාමරයක්, නිවාස ඒකකයක් හෝ වෙනත් ඕනෑම වර්ගයේ නවාතැන් පහසුකමක් ලබාදීමට හැකියාවක් ඇත්නම් එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග ලියාපදිංචි කිරීමෙන් අමතර ආදායමක් උපයාගත හැකි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නිවේදනයක් නිකුත් කොට තිබේ.
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් සඳහා ඔබගේ නිවසේ අමතර කාමර ලබාදීමට අදහස් කරන නිවාස හිමියන් සඳහා තාවකාලික ලියාපදිංචි කිරීමේ යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී
ඇත.
ඒ සඳහා පුද්ගලයාගේ නම හා සම්බන්ධ කරගත හැකි තොරතුරු, කුලියට දීමට ඇති කාමර ගණන, නිවසේ හෝ නවාතැනේ ලිපිනය, කාමරයක් සඳහා රැයකට අය කරනු ලබන ගාස්තුව යන තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලබා දී නිවස ලියාපදිංචි කර ගත යුතුය. ලියාපදිංචිය අනුමත කළ පසුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ නවාතැන ලැයිස්තුගත කරගැනීමට නිවෙස් හිමියන්ට හැකියාව ඇත.
වැඩි විස්තර දුරකතන 1912 ඇමතීමෙන්ද web: www.sltda.gov.lk පරිශිලනය කිරීමෙන්ද ලබා ගත හැකිය.