අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙම්වතිය බලන්න ගිය තරුණයාගේ  අත් පා බැඳ  හිටපු වයඹ මහ ඇමතියෙකුගේ  නිවසකට අරන් ගිහින්…

by editor
අප්‍රේල් 30, 2024
in පුවත්
Kuliyapitiya
Share on FacebookShare on Twitter
  • පෙම්වතිය දකින්න ගිය කුලියාපිටියේ තරුණයා අතුරුදහන් වන්නේ හිටපු වයඹ මහ ඇමතියෙකුගේ නිවසේ දී ද? පොලිසිය පුලුල් විමර්ශනයක!

සුසිත් ජයවංශ  කුලියාපිටිය කබලෑවේ පදිංචි තරුණයෙකි.  ඔහු 31 හැවිරිදිය. ආහාරපාන අලෙවිසලක් පවත්වාගෙන යන දිරිය තරුණයෙක් වූ  තුසිත්ගේ පෙම්වතිය 18 හැවිරිදි තරුණියකි. පසුගිය 22 වැනිදා ඔහුට සිය පෙම්වතියගෙන් ඇමතුමක් ලැබෙන්නේය. ඒ සිය නිවසට පැමිණෙන ලෙසය.

නිවසට පැමිණෙන සුසිත් එදා සිට අතුරුදහන් වූයේය. ඔහුගේ පෙම්වතියත්, ඇයගේ කුඩා සොයුරිය සහ සොයුරාත්, මවත් පියාත් ඇතුළු පවුලේ සැමත් ආ ගිය අතක් නැත. යාබද නිවසේ සිටි පෙම්වතියගේ නැන්දා ඇතුළු පවුලේ අයත් නිවෙස් හැර ගොස්ය.

පෙම්වතිය හමුවීමට ගිය තරුණයා අතුරුදහන් වීමත්  ඉන් අනතුරුව පෙම්වතියගේ පවුල සහ ඇයගේ ඥාතීන් ගෙවල් දොරවල් අත්හැර පලා යෑමත් සම්බන්ධයෙන්  කුලියාපිටිය පොලිසියට  පැමිණිලි ලැබිනි. ඒ ඔස්සේ පැවැත්වූ විමර්ශනය තවම සම්පූර්ණ නැත.

සැකකරුවන් 02ක් අත් අඩංගුවට…

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. තවමත් කිසිම සැකකරුවෙක් සොයාගෙන නැති පසුබිමක අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ඉතාම වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරමින් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ඔවුන්ගෙන්  හෙළිවෙමින් ඇති තොරතුරු පෙළ ගැසෙන්නේ තිගස්වන ආකාරයෙනි.  සැලසුම් සහගත අපරාධයක ඉඟි ලැබෙමින් තිබේ. ඒ සිද්ධි පෙළ මෙසේය.

තරුණියගේ පියා රෝහල් සුළු සේවකයෙකි. සේවය කරන්නේ කුලියාපිටිය රෝහලේය.  එහෙත් දේශපාලන හයිය ඇඟට අරන් සිටි පුද්ගලයෙකි.   තරුණියගේ පෙම් සබඳතාවයට ඇයගේ පියා බරපතල ලෙස විරුද්ධ වී තිබුණත් එය නැවැතී නොතිබුණ බව වාර්තා වේ. මේ තත්ත්වය තුළ සිය දියණියට පලපෑම් කර  ඇය ලවා  දුරකථන ඇමතුමක් දී මෙම තරුණයා  නිවසට ගෙන්වා ගැනීමට ඇයගේ පියා කටයුතු කරන්නේය.

ඒ අවස්ථාව වනවිට අපරාධයක් සදහා වූ වටපිටාව තරුණියගේ නිවසේ සැලසුම් වී තිබී ඇත.  පියා ඔහුගේ හිතවත් පුද්ගලයින් දෙදෙනෙක්  නිවසට කැඳවාගෙන තිබිණි. මේ පුද්ගලයින් දෙදෙනා කැප්පෙටිපොල ප්‍රදේශයේ  පෙදරේරුවන්ය. එමෙන්ම ඔහු කුලී පදනම මත වාහනයක් ද රැගෙන විත් තිබිණි.

  • අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු මහ ඇමතිගේ නිවසකට රැගෙන ගිහින්..

සිය පෙම්වතිය මුණගැසීමට ඇගේ නිවසට පසුගිය 22 වෙනිදා ගිය   තරුණයාගේ අත්පා බැඳ මෝටර් රථයක දමාගෙන ඔහුව රැගෙන ගොස් තිබේ. එසේ රැගෙන ගොස් ඇත්තේ  වයඹ පළාතේ හිටපු   මහ ඇමති අතුල විජේසිංහගේ නිවසටය.

අතුල විජේසිංහ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ තරුණියගේ   පියා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බව  විමර්ශකයෝ අනාවරණය කරගත්හ.

  •  තරුණයා අතුරුදහන් වූයේ හිටපු මහ ඇමති නිවසේ දී ද?

තරුණයා අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන  අතුල විජේසිංහගේ නිවසට ගිය බව කියන්නේ  සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  ඊයේ (29)  අත් අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනාය. ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔවුන්  පවසා ඇත්තේ අත් පා බැඳ මෝටර් රථයේ දමා ගත් තරුණයා වයඹ හිටපු මහ ඇමති නීතිඥ අතුල විජේසිංහගේ නි‍වසට රැගෙන ගිය බවය.   තරුණයාගේ ජීවිතයට එම අවස්ථාවේ දී කිසිඳු හානයක් නොකළ නමුත් එම නිවසට ගෙන ගිය පසු සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බවය.

මෙම පුද්ගලයන් සැබෑවක් පවසන්නේ දැයි සොයා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන බව පොලිස් තොරතුරු අනාවරණය කරයි. කුලියාපිටියට ඔවුන් දෙදෙනාව රැගෙන ඒමෙන් පසු අතුල විජේසිංහගේ  නිවසට ඔවුන් දෙදෙනාගේ මඟපෙන්වීම මත ගොස් පරික්ෂා කිරීමට නියමිතය.

මේ වන විටත් පොලිසියේ බුද්ධි නිලධාරීන් එම දේශපාලනඥයාගේ නිවස පිහිටි ප්‍රදේශයේ ආවේක්ෂණ කටයුතුවල නිරතව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.

  • පොලිසියේ විමර්ශන

මෙම අපරාධය කල්තියා පෙම්වතියගේ පියා විසින් සැලසුම් කර තිබී ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි.

පැහැරගත් තරුණයා වයඹ හිටපු මහ ඇමති  අතුල විජේසිංහගේ    නිවසකට රැගෙන ගොස් ඇති බවට    ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තරුණයාව නි‍වසට ගෙන්වාගෙන මෙම අපරාධය කර ඇති බවත් ඒ වෙනුවෙන් මෝටර් රථයක් පවා ඊට දින දෙකකට පෙර කුලී පදනම මත ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. තරුණයාගේ අතුරුදන්වීමෙන් පසු මෝටර් රථය නැවත කුලියට ගත් ස්ථානයට ලබා දී කුඩා වෑන් රථයක් කුලියට ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.

පොලිසිය සැකකරනුයේ අතුරුදන්ව සිටින තරුණයාගේ ජීවිතයට මේ වන විට හානියක් සිදුව ඇති බවය. පෙම්වතියගේ පියා විසින් පවුලේ සාමාජිකයන් ද අවට ජීවත් වූ ඥාතීන්ද රැගෙන පලාගොස් ඇත්තේ ඒ නිසා විය හැකි බව ද පොලිසිය සැක පහළ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතනය කළ නීතිඥවරිකගේ නරක් වූ සිරුරක් දෙහිවල නිවසකින් හමුවේ… ඇය නිවසේ තනිව ජීවත් වුන කෙනෙක්…

Next Post

ඉන්දියාව හා කන්කසන්තුරේ අතර නැව් සේවාව මැයි මස 13 වෙනිදා සිට යළි ඇරඹේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.