සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාණ වඩ්ඪමාන පබ්බත විහාර වන්දනාවට වැඩම කළ හිමිවරු  පිරිසකට අධිකරණ නියෝග කඩ කරමින් හින්දු පූජකවරු පිරිසක් විරෝධය දක්වති!

by editor
පෙබරවාරි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අධිකරණයේ ගොනුවී ඇති නඩු හතරක් විභාග කර අයිතිය පිළිබඳ තහවුරුවක් දෙන තුරු බෞද්ධ හින්දු දෙපාර්ශවයටම එක ලෙස වන්දනා කිරීමේ නිදහස අධිකරණ නියෝගයකින් ලබා දී තිබිය දී  වවුනියාව නෙඩුන්කේණී වෙඩික්කුනාරීමලෙයි ප්‍රදේශයේ  පිහිටි පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයට ඊයේ (11) වැඩම කළ සංඝයා වහන්සේ පිරිසකට එම ස්ථානය හින්දු කෝවිලක් බව පවසමින් ස්ථාවර ගොඩනැගිලි සදාගෙන සිටින හින්දු පූජකවරුන් කණ්ඩායමක්  බරපතල විරෝධතාවයක් එල්ල කර ඇති ආකාරය වාර්තා වේ.  

කටාරම් සහිත පුරාණ ආරාම පන්තියකින් යුත් පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරය  ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ කරවන්නට ඇති බවට ඒවායෙහි සඳහන් බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි හතරක් දක්වමින් විද්වත්හු සිය පර්යේෂණ ලේඛනවල මීට බොහෝ කාලයකට පෙර  පෙන්වා දී තිබුණහ. 

  • මහ ශමුද පුත ගුතශ ලෙණෙ ශගශ පරුමක
    මහා සමුද්‍ර ගේ පුත්‍ර ගුතගේ ලෙණ සංඝයාටය
  • බමදත පුත මහ ගුතහ ලෙණේ
    ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුනගේ ලෙණයි.
  • බත  වුඩ තිශහ ලෙණේ
    ස්වාමි වූ චූලතිශගේ ලෙණයි.
  • පරුමක පුශමිත පුතශ මහ ලෙණේ අගත අනගත චතුදිශ සගශ
    ප්‍රමුඛ පුෂමිතගේ පුත්‍රයාගේ  මහලෙණ පැමිණි නොපැමිණි සිවිදිග සංඝයාටය.
  • Vaddhamana-Pabbatha-Vihara
    වඩ්ඪමාන පබ්බත විහාරය…

ලෙන් වල කටාරම් ලිපි වශයෙන් දැකිය හැකි මෙම පාඨයන් අනුව අතීත බෞද්ධ ආරාම සංකීර්ණයක් පිළිබඳව ඇති තහවුරුව හා ජනවර්ගය කුමක් වුවද බෞද්ධයින් සහිත සමාජයක් අවට පැවති බවට එම පෞරාණික ලිඛිත සාධක මගින් ප්‍රමාණිකයෝ තහවුරු කර තිබුණහ.  

මෙම භූමියේ පශ්චාත් යුද වකවානුව තුළ ඉදිකළ ශිව කෝවිල බෞද්ධ නටබුන් පරිසරයේ ගොඩනගමින් හින්දු පූජකවරු එම කෝවිල ආදි ලිංගේස්වර කෝවිල ලෙස නම් කර ස්වකීය පාරම්පරික පුරාණ පුදබිම මෙය බව ප්‍රකාශ කර තිබුණහ. අනතුරුව මෑත කාලය පුරාම  එම කෝවිලේ පොංගල් උත්සව පවත්වමින් පුද පූජා පවත්වමින් පැමිණියහ.

ඊයේ එම පූජකවරු  බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විරෝධය පල කළ තිබුණේ අධිකරණ නියෝගය ද කඩ කරමිනි.  ඔවුන්  ප්‍රකාශ කොට ඇත්තේ එම ස්ථානය පරම්පරා  ගණනාවක්ම සිය මුතුන් මිත්තන් වන්දනාමාන කළ කෝවිලක් බැවින් භූමියට ඇතුළු නොවන ලෙසය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම කෝවිල සම්බන්ධයෙන් මීට වසර තුනකට ඉහතදී විශාල අර්බුදයක්  හටගත් අතර දෙමළ ජාතික සන්ධානයේ සියළුම මන්ත්‍රීවරු එම ස්ථානයට ගොස් පුරා විද්‍යා නිලධාරීන්ට එරෙහිව විරෝධතාවයක් පවත්වන ලද්දේ එම භූමිය අයත් වන්නේ  බෞද්ධයින්ට නොව හින්දු බැතිමතුන්ට බව පවසමිනි.

මේ අවස්ථාවේදී පුරා විද්‍යා නිලධාරීන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ගොනු කරමින් එහි අයිතිය සම්බන්ධයෙන් නඩුවක් පවරන ලද අතර ඊට එරෙහිව කෝවිලේ පාලන අධිකාරියද නඩුවක් ගොනු කරණ ලදී. 

මේ අකාරයට වවුනියාව අධිකරණයේ මේ ස්ථානයේ ආරවුල සම්බන්ධයෙන් නඩු හතරක් විභාග වන අතර ඒ සෑම නඩුවක් ආරම්භයේදීම  දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයක් එම ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදි නොකරන  ලෙසත් සංවර්ධන කටයුතු සිදු නොකරන ලෙසත් අධිකරණයෙන් නියෝග ලබී තිබිණි. එමෙන්ම එම ස්ථානයේ පුද පූජා පැවැත්වීමටත් එම ස්ථානය වැද පුදා ගැනීමටත් පමණක් දෙපාර්ශ්වයටම අවසර ලබා දී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය කොළඹ සුඛෝපභෝගී බස් රථයක් ට්‍රැක්ටරයක ගැටී 06කට තුවාලයි… 02කට බරපතලයි!

Next Post

  හෙට උදේ  සිට සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි! වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ඕනෑම බව කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.