බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයෙක් මරා පොලිස් නිල සුනඛයින්ට ඉව ගන්න බැරිවන ලෙස අවට මිරිස්කුඩු සහ භූමිතෙල් හලලා…

by editor
සැප්තැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර සැකකරුවන් පලාගොස්  ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.

මෙසේ තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇත්තේ මීපිලිමාන පිහිටි නිවසක සේවය කළ  කොටහේන ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් (අවු : 56 ) නැමති පුද්ගලයෙකි.

මෙම ඝාතනය  ඊයේ (09) දින උදෑසන 05.30 ත් 06.00 අතර කාලයේ දී සිදු වි ඇති බවත්, පහරදීම සිදුකර ඇත්තේ නාදුනන කන්ඩායමක් විසින් සැලසුම් සහගත ලෙස බවත්, පහරදීම සිදුවන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනියද රැඳී සිට ඇති බවත් පොලිසිය කියයි.

පහර දිමෙන් නිවසේ හිමිකාරිනියද තුවාල ලබා නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇත.

ඇය මේ වනවිට නුවරඑළිය  දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රතිකාර ලබයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම  සිදුකර ඇති බවට නුවරඑළිය පොලිසිය සැක කරයි.

පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට අපහසු වන අන්දමින් නිවස වටා භූමිතෙල් සහ මිරිස් කුඩු හලා ගොස්  තිබේ.

තුළ තිබූ ඇදක්ද ගිනි තබා විනාස කර ඇති බවත්, නිවසේ ඉදිරිපස ජනෙල් දොරවල් වලට පහර දී ඒවා ද විනාශ කර සැලසුම් සහගතව මෙම පහරදීම හා මිනීමැරුම සිදුකර පලාගොස් ඇති බවත්  නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

දීර්ඝ කාලයක් පුරාවට අදාල ඉඩමේ මුල් අයිතිකරුගෙන් නීති විරෝධී  ලෙස ඉඩම හිමි කරගැනීමට  එහි සේවය කළ රියදුරෙකු  කටයුතු කිරීම  සම්බන්ධව ඇතිවුණු ගැටලුකාරි  තත්ත්වයක් පිළිබඳව පැමිණිලි කිහිපයක්ම නුවරඑළිය පොලිසිය වෙත ලැබී තිබු බව නුවරඑලිය පොලිසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ඩබ්ලිව් .ආර්. විජය වික්‍රම   විසින් සිදු කළ අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසියට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 4කට දීර්ඝ කරයි

Next Post

නල්ලතන්නියේ හඳුන් දිවි මෙහෙයුම…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.