හැටන් රංජිත් රාජපක්ෂ –
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ වතු නිවාස පෙළකට පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියකට වැටි සිටි හදුන් දිවි පැටවෙකු නිරුපද්‍රිතව බේරා ගැනිමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරිහූ (09) සමත් වූහ.
ජලය සොයමින් තේ වත්තේ සැරිසරු හදුන් දිවි පැටවා ජල ටැංකියට නැග ජලය පානය කිරිමට උත්සහ කළ අවස්ථාවේ ටැංකිය තුළට වැටී ඇත.
හදුන් දිවි පැටවාට ආපසු ටැංකියෙන් පිටතට ඒමට නොහැකිව සිටියදි වතු කම්කරුවන් එය දැක නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දී තිබේ.
තව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් නිරුපද්‍රිතව බේරාගත් අවුරුද්දක් පමණ වයසැති හදුන් දිවි පැටවා සුදුසු පරිසරයකට මුදා හරින බව වනජිවි කාර්යාලයේ නිලධාරිහු පැවසූහ.