ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මීට පෙර ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක විශේෂ භාණ්ඩ බද්දක් පනවා තිබූ අතර එය මාර්තු 8 වැනිදා සිට කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 50 දක්වා ඉහළ දැමීමට කටයුතු කෙරිණි. අදාළ බදු පැනවීම මාස 06ක කාලයක් සඳහා සිදු කර තිබූ අතර, එය තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.