fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

editor by editor
අගෝස්තු 17, 2022
in පුවත්
0
Share on FacebookShare on Twitter

පුද්ගලයන් හා සංවිධාන UNSC 1373 යටතේ  අසාධු ලේඛනගත කිරීමේ හා ඉවත්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධ දීර්ඝ පහැදිලිකිරිමක් සහිත නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

පසුගිය දිනවල සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන් 2022-08-01 දිනැති 2291/02 ගැසට් නිවේදනයේ සඳහන් 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවල 04(7) වන නියෝගය යටතේ නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුවට සිදු කරනු ලැබ ඇති සංශෝධන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයත්, ඒ සඳහා වන පසුබිම හා පෙර තත්ත්වයන් සම්බන්ධයෙනුත්  මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත

ජනාධිපති මාධ්‍යය අංශය  විිසින් සිදුකරන ලද එම පැහැදිලි කිරීම මෙසේය.

RelatedPosts

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

පසුබිම 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ VII පරිච්ඡේදය යටතේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලය 2001 සැප්තැම්බර් 28 වන දින UNSC 1373 යෝජනාව ඒකමතිකව සම්මත කරන ලදී.‍ එමඟින් ත්‍රස්තවාදය මැඩලීම අරමුණු කොටගත් වගකීම් මාලාවක් සිය සාමාජික රටවල් වෙත ද පවරා ඇත. ඒ අනුව, 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ මූලිකව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2012 මැයි මස 15 දිනැති අංක 1758/19 අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත්කර ඇත.

ක්‍රියාවලිය

ඉහත නියෝග ශ්‍රී ලංකාව තුළ  ක්‍රියාත්මක කිරීම සඳහා විෂයය භාර අමාත්‍යවරයා වන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්‍ෂක විෂයයභාර අමාත්‍යවරයාගෙන් විමසා නිසි බලධාරියා වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරනු ලැබ ඇත.

ඒ අනුව නිසි බලධරයා විසින් අදාළ නියෝගවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් පුද්ගලයන් හා සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයකට ලක්කර සාක්‍ෂි පදනම් කොටගෙන ලැයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදුකරනු ලබයි.

2022.08.01 දින ප්‍රකාශිත 2291/02 ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තුළදී ආරම්භ කළ අතර ඒ අනුව රට තුළ හෝ රටින් පරිබාහිරව ජීවත්වන හෝ  ස්ථාපිත ත්‍රස්තවාදී හෝ අන්තවාදී  සංවිධාන පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවත් ඊට අදාළ මූල්‍ය, වත්කම්, ත්‍රස්ත ක්‍රියා හෝ අන්තවාදී  ක්‍රියාවලට ඇති ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයන් පිළිබඳව සොයාබලා එම පුද්ගලයන් හෝ සංවිධාන ලැයිස්තු ගත කිරීම හා ඉවත්කිරීම සිදුකරන ලදී.

මෙසේ ලැයිස්තු ගත කරන ලද සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ගොණුකිරීමට අවශ්‍ය වේ නම් ඒ පිළිබඳව නිසි බලධාරියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කරමින් ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස හේතු සාධකද සහිතව ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට අවකාශය ඇත. එම ඉල්ලීම පිළිබඳ අදාළ අංශ විසින් පුළුල් තොරතුරු අධ්‍යනයකින් පසුව නිසි බලධාරියා වෙත කරුණු දක්වනු ලැබේ. ඉන්පසුව එම පුද්ගලයා හෝ සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමේ වගකීම නිසි බලධාරයා වෙත පැවරේ. අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය වන අතර අගතියට පත් පාර්ශවයන්ට මහාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් එම තීරණය අභියෝගයට ලක්කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම, පවතින මුදල් හෝ අරමුදල් තහනමට ගැනීමෙන්, කැටිකිරීමේ (Asset freezing) නියෝගයකින් හෝ වෙනත් ‍මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් හෝ වෙනත් අදාළ සේවාවන් මඟින් බලපෑමට ලක්වු කිසියම් පුද්ගලයකුට හෝ  ආයතනයකට මහාධිකරණය වෙත පැමිණිලි කිරීමේ අවකාශයද ඇත.

මේ සෑම කාර්යයකම අවසන් තීන්දුව නිසි බලධරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඒ අනුව 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ සාක්ෂි මත පදනම්ව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව 2022.08.01 දින අංක 2291/2 ගැසට් පත්‍රය මඟින් පුද්ගලයන් 316ක් හා සංවිධාන 06ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. තවද, අලුතෙන් හදුනාගන්නා ලද පුද්ගලයන් 55ක් හා සංවිධාන 03ක් ඇතුළුව පුද්ගලයන් 316ක් හා සංවිධාන 15ක් ඉහත ගැසට් පත්‍රය මඟින් ලැයිස්තුගත කොට ඇත.

ඉවත් කළ සංවිධාන

  1. ගෝලීය දමිල සංසඳය (GTF)
  2. ඕස්ටේලියානු දමිල කොංග්‍රසය (ATC)
  3. ලෝක දමිල සම්බන්ධීකරණ කමිටුව (WTCC)
  4. දමිල ඊලාම් මහජන සභාව (TEPA)
  5. බ්‍රිතාන්‍ය දමිල සංසඳය (BTF)
  6. කැනේඩියානු දමිල කොංග්‍රසය (CTC)

නව ගැසට් පත්‍රය මඟින් ලැයිස්තුගත සංවිධාන

  1. දමිල විමුක්ති ඊළාම් කොටි සංවිධානය (LTTE)
  2. දමිල පුනරුත්ථාපන සංවිධානය (TRO)
  3. දමිල සම්බන්ධීකරණ කමිටුව (TCC)
  4. ලෝක දමිල ව්‍යාපාරය (WTM)
  5. දමිල ඊළාම් දේශාතික්‍රාන්තික ආණ්ඩුව (TGTE)
  6. ලෝක දමිල සහන අරමුදල (WTRF)
  7. මූලස්ථාන කණ්ඩායම් (HQ Group)
  8. කැනේඩියානු දමිළ ජාතික කවුන්සිලය (NCCT)
  9. දමිල තරුණ සංවිධානය (TYO)
  10. ජාතික තවුහිද් ජමාතය (NTJ)
  11. ජමාතේ මිල්ලතෙ ඉබ්‍රාහිම් (JMI)
  12. විලායත් අස් සෙයිලානි (WAS)
  13. දාරුල් අදර් (DA)
  14. ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM)
  15. සේව් ද පර්ල් (Save the Pearl)

මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා www.competentauthority.gov.lk වෙබ් අඩවිය පරිශීලනය කළ හැකිය.

Tags: නවතම
Share74Tweet46

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

Next Post

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

RelatedPosts

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …
පුවත්

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
Shammi
පුවත්

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

දෙසැම්බර් 1, 2023
අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !
පුවත්

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

දෙසැම්බර් 1, 2023
Next Post
නවක වදය දුන් යාපනයේ සරසවි සිසුවෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කෙරේ!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    1084 shares
    Share 434 Tweet 271
  • ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

    173 shares
    Share 69 Tweet 43
  • මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

    613 shares
    Share 245 Tweet 153
  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    373 shares
    Share 149 Tweet 93
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    438 shares
    Share 175 Tweet 110
  • හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

    1566 shares
    Share 626 Tweet 392

නවතම ලිපි

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

by editor
දෙසැම්බර් 1, 2023
0

Shammi

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

වැලිකන්ද බස් රථ අනතුර සිදුකළ රියදුරු රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 1, 2023
0

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

by editor
දෙසැම්බර් 1, 2023
0

නවතම ලිපි

Jerom

ජෙරොම් දේවගැතිගෙන් CID ය පැය 08ක් ප්‍රශ්න කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාග කල් යයි…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

by editor
නොවැම්බර් 30, 2023
0

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

by editor
නොවැම්බර් 30, 2023
0

pension

විශ්‍රාම දීමනා ජිවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ දමන්න සූත්‍රයක්! පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශයක්!

by editor
නොවැම්බර් 30, 2023
0

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

by editor
නොවැම්බර් 30, 2023
0

මධ්‍යම සංස්කෘතික අරමුදල කුඩු කළ දේශපාලකයින්ට එරෙහිව පුරාවස්තු සුරැකීමේ සංවිධානය සී.අයි.ඩී යයි!!

මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මුදල්  භාවිතයට   නව රෙගුලාසි පනවා     පනත සංශෝධනයට  ආගමික කටයුතු සහ සහජීවන‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභායේ නිර්දේශය !

by editor
නොවැම්බර් 30, 2023
0

Mahinda-Yapa

මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

by editor
නොවැම්බර් 30, 2023
0

කඩයක් කරගෙන ජීවත් වූ  වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

by editor
නොවැම්බර් 30, 2023
0

  • Trending
  • Comments
  • Latest
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

නොවැම්බර් 29, 2023
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
Shammi

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

දෙසැම්බර් 1, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!
  • අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.