බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුතා වගේම දුවත් තාත්තගෙම දුව… රඹුක්වැල්ල පවුලේ දියණිය ගැන අද අධිකරණයේ දී ඇසුනු කතාව…

by editor
මැයි 26, 2025 - Updated on මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මුන් නම් මාරය. තවමත් මුන් ගේ දහදුරාකම් සාධාරණීයකරණය කරමින් සමාජ මාධ්‍යයේ රඟන ගොබ්බයන් ඊටත් වඩා මාරය. අප ඉන්නේ මාර රටක කියන්නේ ඒකය.

කෙහෙළිය ඇතුළේය. කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලත් ඇතුළේය. කෙහෙළිය පුතාත් එක්ක ඇතුළට යන්නේ රාජ්‍ය මුදල් ජඩ ලෙස කොල්ලකෑ ආකාරය අධිකරණයේ දී කරුණු වශයෙන් හෙළි වීමත් සමගය. ආතල්ම කෑල්ල ආවේ අදය. පුතා විතරක් නොව, දුවත් ගේමේය. අමාලි රඹුක්වැල්ල ගැන අද (26) අධිකරණයේ දි කියැවුනේ මුන් ඔක්කොම පට්ට පදුරු හිඟන්නන් බව පැහැදිලි කරමිනි.

තාත්තා සෞඛ්‍ය ඇමති ලෙස රටට කළ හැකි සාහසිකම අපරාධය කළ අවස්ථාවේත් දුවක ලෙසින් අමාල් රඹුක්වැල්ල තාත්තා අසල සිටිනු දකින විට ඇත්තටම ඇය ගැන මහා කම්පනයක් ඇති වූ බව කිව යුතුය. මොනවා උනත් ඒ මේ තරුණියගේ තාත්තා නොවේදැයි කල්පනා කළෙමු. ලෝකය මොන ගර්හාවට ලක් කළත් මොන පාදඩ අපරාධකරුවෙක් වුනත් දියණියට ඒ තාත්තාය. ඒ තරුණ දියණිය තාත්තාගේ පට්ට කුපාඩිකම්වල කොටසක් දැරූ බව අප සිතා සිටියේ නැත.

අමු ගවයා

අමු ගවයෙක් වූ රමිත රඹුක්වැල්ල ගැන නම් මේ රටේ මිනිස්සුන්ට ඕනෑ තරම් කියැවීම් තිබිණි. ඌ ක්‍රිකට් ගැසූවාට වඩා රටම හෑවේය. නීතිය අතට ගෙන පිස්සු කෙළිය මී හරකෙක් ලෙස හැසිරී උසාවි ගානේත් බඩගෑවේය. මේ අශිෂ්ටයා රටක වැද්දගත යුතු එකෙක් නොවන බව අපට කීවේ සඳගල කුඩු කළ අපරාධය ය.

අන්තිම සිංහල රජු වු නරේන්ද්‍රසිංහ රජුගේ කුණ්ඩසාලයේ මාලිගා පරිශ්‍රය පිහිටි භූමිය බවට සහතික කර කිව හැකිව තිබූ එකම පුරා සාධකයවන ටොන් ගණනක් බර සඳකඩ පහනක හැඩය සහිත, ගැමියන් සඳගල ලෙස හැඳින්වූ පුරාවස්තුව මහ රෑ බූම් ට්‍රක් එකක පටවාගෙන ගොස් කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ නිවසේ තබා එම ගල කුඩු කර නිධන් හෙවූ කතාවේ ඉන්නේ රමිත රඹුක්වැල්ල බව පොලිසිය අනාවරණය කරගත්තේය. එහෙත් නුවර පොලිසිය එදා හිටියේ චීත්ත ඇඳගෙනය. ඒ අපරාධයට එරෙහිව කිසිම දෙයක් වුනේ නැත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

දේශපාලන බලය මැර බලය සහිතව ආරක්ෂා කළ ඒ පුරාවස්තු කොල්ලයේ නින්දිත අපරාධයට නම් මුන්ට කුණු පනුවන් ගසන්නට නියමිත බව සහතික කර කිව හැකිය. ඒ හේතුවෙන් රමිත රඹුක්වැල්ලටත් කෙහෙළියටත් ඊලඟට පෝලමේ ඉන්නා අමාලි රඹුක්වැල්ලටත් කිව යුතුව ඇත්තේ ලෝක ධර්මය කතා කරන්නට පටන් ගෙන ඇති බවය. රටේ නීතියක් ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය නම් සංස්කෘතික ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහෝදරයාට වැඩේ පටන් ගත හැකිය. තොරතුරු ඇති බව කිව යුතුය.

අමාලි රඹුක්වැල්ල

අමාලි රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිරයාව සිටි කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මෙහෙයුම් සම්බන්ධිකාරකවරිය  අමාලි රඹුක්වැල්ලය. ඇයගේ  linkedin ගිනුම අනුව  2021 අගෝස්තු සිට 2023 ඔක්තොම්බර් දක්වා ඇයගේ පුර්ණකාලීන ජොබ් එක ඒකය.  අමාලි රඹුක්වැල්ල  කේස් එකට එන්ටර් වන්නේ අදය.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධිය ට අදාල විමර්ශනය මත මේ අමාලිගේ තාත්තාත් සහෝදරයාත්  ඇතුළේය.

සිද්ධියට අදාලව අද අල්ලස් කොමිසම විසින් කෙහෙළිය අමාත්‍යවරයෙක්ව සිටි කාලයේ දී සිටි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත් අඩංගුවට ගත්තේය. ඔහු නිශාන්ත බස්නායකය. අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළාය.

මෙම සැකකරුගේ නමට මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් තිබුණේය. එම ගිනුමට අමාත්‍යාංශයේ අරමුදල් බැර වී තිබුණු බව අල්ලස් කොමිසම අධිකරණයට කීවේය. ආතල්ම කෑල්ල නම් නිශාන්ත බස්නායක නමින් මහනුවර පුද්ගලික බැංකුවේ පවත්වාගෙන ගිය ගිනුම භාවිතා කර ඇත්තේ කෙහෙළියගේ දියණිය වූ අමාලි රඹුක්වැල්ල හෙවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෆුල් ටයමි ඔපරේෂන් කොඩිනේටර් විසින්  වීමය.

දේශපාලකයින්ට දක්වන නම්‍යතාවයේ සීමාවක් තබා ගැනීමට ඕනෑම දේශපාලකයෙකුට පශ්තාද්භාගය ප්‍රදානය කර ඇති හෙංචයියන් කටයුතු කළ යුතුව ඇති බව අද නිශාන්ත බස්නායක නැමැති සම්බන්ධීකරණ ලේකම්වරයා රටට කියා දුන්නේය.

වැඩේ ගැස්සුන පසු ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගියේය. ගොස් ප්‍රකාශයක් කළේය. මේ ගිනුම තමන්ගේ නමින් තිබුණ නමුත් මුදල් භාවිතා කළේ අමාලි රඹුක්වැල්ල බව අල්ලස් කොමිසමට කීවේ ඔහුය. ඔහුගේ නීතිඥයා අද අධිකරණයට කීවේ තම සේවාදායකයාගේ නමින් අදාළ බැංකු ගිණුම පැවතුන ද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බවය.

මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව බවත් ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් අල්ලස් කොමිසම අධිකරණයට කීවේ අමාත්‍යාංශ අරමුදල් බැර වී තිබුණ එම ගිනුමෙන්  මුදල් ගෙන භාවිතා කර ඇත්තේ අමාලි රඹුක්වැල්ල වුව ද එම ගිනුමේ මුදල් පරිහරණය කරන සෑම අවස්ථාවකම එස්.එම්.එස් පණිවිඩයක් මගින් සම්බන්ධීකරණ ලේකම්වරයා දැනුම්වත්ව සිටි බවය. අපරාධය සිදුවී ඇත්තේ සම්බන්ධීකරණ ලේකම්වරයා පූර්ණ ලෙස දැනුම්වත්ව බව තහවුරු කළ අල්ලස් කොමිසම විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදා නොහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහසේත්‍රාත්වරිය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බස්නායක ලබන ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.

මෙතුවක් කාලයක් මේ රටේ මිනිස්සු ජනතා ඡන්දයෙන් ඉහලින්ම පත් කර පාර්ලිමේන්තුවට එව්වේ මෙවැනි නිහීන රොඩියන් බව වරදකාරී හැඟීමක් සහිතව තේරුම් ගන්නවා නම් එය පමණක් දැනට සෑහෙන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරණ වැඩ කරන්න බෑ… අතර මැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම විධිමත් කරනවා… අධ්‍යාපන ලේකම් කියයි!

Next Post

මහවැසි… ප්‍රදේශ රැසකට වැස්ස මිලි මීටර් 100ට වැඩියි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.