මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුවැව ආශ්‍රිතව සහ එහි වැව් රක්ෂිතයේ මේ දිනවල කුඩා ඇත් පැටියෙකු සැරිසරමින් සිටින නිසා එම ඇත් පැටවාගේ ජීවිතයට දඩයක්කරුවන්ගෙන් තර්ජනයක් වීමට පෙර ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් යොදවන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින්, පරිසරවේදීන්, ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් මෙන්ම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ දිනවල උදෑසන සහ සවස් කාලයේ නෑමට සහ ජලය බීමට නෙළුම්වැවට පැමිණෙන අතර එම ඇත් පැටියා දුර්ලභ ඇත් පැටියකු බව ප්‍රදේශවාසීහු පවසති.
එමෙන්ම ඇත් පටවා අවුරුදු දහයක් පමණ වයසති පෙනුමක් තිබෙන බවත්, ඇත් පැටියාගේ දළ පූට්ටු වී ඇති බවත්, එම නිසා පුංචි දළපූට්ටුවා ලෙස ඔහු හඳුන්වන බවද ප්‍රදේශවාසීන් සඳහන් කරති.
එම ඇත්පැටියාට දඩයක්කරුවන්ගෙන් යම් අනතුරක් වීමට පෙර ජීවිතය බේරා ගැනීම සඳහා ඇත් අතුරු සෙවණට හෝ රැගෙන ගොස් ආරක්ෂා කර දීමට අදාළ බලධාරීන්ගේ අවධාන යොමු කරන ලෙසද ප්‍රදේශවාසීහු, පරිසරවේදීන්, අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.







