රැඳවුම් භාරයේ සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් ගේ මඩකලපුවේ කාර්යාලය අද (30) පස්වරුවේ දී පොලිසිය විසින් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ පරික්ෂාවකට ලක් කළේය.
පසුගිය 8 වැනිදා රාත්‍රී ඔහු මඩකලපුව නගරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙක් වූ මහාචාර්ය ශිව සුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලවය.
අනතුරුව සිදුකරන ඉදිරි විමර්ශනවලට අදාලව පිල්ලෙයාන් දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමි විය.
මේ වනවිට රැඳවුම් භාරයේ සිටින පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට ද සම්බන්ධ බවට විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වී ඇතැයි පසුගිය දා අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.







