සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටින් එන ගැනුම් කරුවන් පළවා හරිමින් පොලොන්නරුවේ මහ මෝල්ලු මහවැලියේ වී කොල්ලයක!

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

  • මහ මෝල්ලුන්ගේ කොල්ලයට උත්තර නෑ… වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ප්‍රතිපාදන වෙන් වී නෑ… කෘෂිකර්ම ඇමතිගේ පූචානම් රෙදි පල්ලෙන් බේරෙයි…

තරගකාරී මිලකට වී මිලදී ගැනීමට පිට පළාත්වලින් එන වී ගැනුම් කරුවන් පළවා හරිමින් පොලොන්නරුවේ වී මෝල් මැරයින් ගොවීන්ගේ වී තුට්ටු දෙකට කොල්ලකන ආකාරය පිළිබඳ පොලොන්නරුව ඇතුළු මහවැලි කලාපවලින් වාර්තා වේ.

පොළොන්නරුවේත්  මහවැලි බී කලාපයේත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම අවස්ථාව කර ගනිමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් කිසිම බාහිර ගැනුම් කරුවෙකුට වෙළඳපලට අවතීර්ණ වීමට ඉඩ නොදී   කුණු කොල්ලයට වී කොල්ල කෑම ආරම්භ කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

නෙලා ගත් අස්වනු….

වාර්තාවන පරිදි කිසිම පිට පලාතකින් මෙම ප්‍රදේශවලට වී මිලදී ගන්නන්ට එන්නට ඉඩ නොතබා පොලොන්නරුවේ මහ මෝල්ලුන් තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කරමින් සිදුකරන මේ කොල්ලය රටේ කෘෂිකර්ම ඇමති හෝ වෙළෙඳ ඇමති හෝ කිසිම වගකිවයුත්තෙකුගේ අවධානයට ලක් නොවීම සම්බන්ධව මේ ගොවීන් ඉන්නේ දැඩි කම්පාවකිනි.අනුරාධපුර, මරදගහමුල වැනි  බාහිරින් එන  තරගකාරී ගැනුම්කරුවෙකුට ඉඩ නොතබා ඔවුන් මගින් හරවා යවමින්    මේ වෙනවිට පොළොන්නරුවේ මහ මෝල්ලුන් ගම්බිම්වලට මෙන්ම වී අස්වනු නෙලන ස්ථානයටම පැමින නාඩු, කීරි සම්බා, සම්බා ඇතුළු සියලු වර්ගයේ අමු  වී කිලෝවක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට මිලදි ගනිමින් සිටින බවත් මේ වනවිට ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටින බවත් ගොවි සංවිධාන නියෝජිතවරු ලංකාසරට පැවසුවේ දැඩි වේදනාවෙනි.

“ගොවීන් සහ ආණ්ඩුව හිතපු විදිහට මේ සැරේ අක්කරයට කිලෝ පන්දාහක් හයදාහක් ගන්න බැරි වුනා.   අක්කරෙන් ආවෙ  වී කිලෝ 2500ක් 3500ක් විතර ප්‍රමාණයක්. හේතුව ආණ්ඩුව නියම වෙලාවට රසායනික පොහොර ටික දුන්නෙ නැති එක. “    .

“ඒ හින්දා  පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මේ යලේ වී අස්වැන්න  සියයට පනහකින් අඩු වුනා. අපිට වහ නොකා ඉන්න නම් ආණ්ඩුව මැදිහත් වෙලා මේ මෝල්ලුන්ගේ කොල්ලය නවත්වන්න.   අවම තරමේ වී කිලෝවක් රුපියල් 150කටවත් මිලදී ගැනීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. මේ  වෙළෙඳුන්ට රුපියල් එකසිය පනහකට වී කිලෝවක්  ලබා ගැනීමට  සහතික මිලක් නියමකරන්න.“     සේනපුර මහවැලි කොට්ටාසයේ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 kapila siril pathirana
සේනපුර මහවැලි කොට්ටාසයේ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ

යළිත් ඔහු ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයන් අපෙන් ප්‍රශ්න කරන්නේ මෙසේය.

“ ඇයි මහ මෝල්ලුන්ට අපිව  තුට්ටු දෙකට කොල්ල කන්න දෙන්නෙ.    රජයේ සහතික මිලට කිසිම ස්ථානයක පොළොන්නරුවේ වී ලබාගැනීමක් වෙන්නේ නෑ. මනම්පිටිය වී කිලෝ ලක්ෂ විස්සක් පුරවන්න  පුළුවන් ගබඩා දෙකක් තියෙනවා. නමුත් මෙතෙක් වී ඇටයක් අරන් නෑ. “

“අනුරාධපුර මරදගහමුල වී මුදලාලිලා  කීයක් හරි වැඩියෙන් අපේ වී ටික ගන්න එද්දී ඒකටත් පොලොන්නරුවේ මුදලාලිලා හරස් වෙලා ඒ අය මගදි හරවලා යවනවා.“

කටමැත දොඩවන නමුත් මෝල්ලුන්ට යටවුන නිවට  කෘෂිකර්ම ඇමතිගේ පූචානම් රෙදි පල්ලෙන් බේරෙන ආකාරය මේ ගොවීහු රටට කියති.

වසා දමා ඇති වී ගබඩා….

රජය මඟින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගොවියාගේ වී මිලදී ගැනීමට රජයෙන් මෙතෙක් මුදල් ප්‍රතිපාදන ලබාදී නොමැති බවය.

වී අලෙවි මණ්ඩලයෙන් මේ වෙනවිට පොලළොන්නරුව ගබඩාවට කිලෝ හයදාහක් ලබාගෙන තිබෙන බවත්, වී මිලදී ගැනීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගබඩා තිහක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවත් ඔහු කීවේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුක්‍රේනයේ දී බේරා ගත්තෙ රටින් පැන්න පිරිසක්… ඔවුන් ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරනවා – විදේශ අමාත්‍යාංශය

Next Post

රැජනගේ මරණයට පිරිවර එක්ක ගිය රනිලුත් මහින්ද වගේ තමයි… කුමාර වෙල්ගම කියන කතාව…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.