පාර්ලිමේන්තු ප්‍රවේශය අසල පොල්දූව මංසන්ධියේ දී පසුගිය 13 වැනිදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධව සැක පිට පසුගිය 28 දා අත්අඩංගුවට ගත් අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වූ පැතුම් කර්නර් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද නියෝග කළේය.
සැකකරුට එරෙහි විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
ඔහුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ දී සාක්ෂිකාර හමුදා සෙබලකේ විසින් ඔහුව හඳුනාගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කළේය.