බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

සහරාන් ගැන ලිපි ගොනු 14 නඩත්තු කළා… වාර්තා 87ක් දුන්නා

හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාස්කු කොමිසමේ කියයි...   

by editor
ජූලි 10, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter
  • මුලින්ම තොරතුරු ලැබුනෙ අබ්දුල් රාසික් ගැන
  • සහරාන් අබ්දුල් රාසික්ගෙ තව්හිද් ජමාද් සංවිධානයේ කාත්තන්කුඩි නියෝජනය
  • සහාරාන් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ගත්තත් අල්ලන්න බැරි උනා…

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා   සාක්ෂි විමසීම සඳහා බදාදා  (8) පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබිණි.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ 2006 වසරේදි රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධ වු තමන් එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා   ඉලක්ක කර ප්‍රහාරයල් එල්ල වීමෙන් පසු කොළඹ ආරක්ෂාව භාරව කටයුතු කළ බවය.

ඉන් අනතුරුව 2014 වසරේදි පමණ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකය තමන්ට භාර දීමෙන් පසු මුල්වරට ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු දැනගත් බවත්, එහිදි තොරතුරු ලැබුනේ මාළිගාවත්ත ප්‍රදේශයේ වැසෙන සාම්ප්‍රදායික මුස්ලීම්වරුන්ට එරෙහිව වෙනස් මගක ගමන් කළ අබ්දුල් රාසික් නැමැත්තෙකු සම්බන්ධයෙන් බවත් සාක්ෂිකරු කියා සිටියේය.

කෙසේ වෙතත් අබ්දුල් රාසික් නැමැත්තා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී සිටි, කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථානගතවී සිටි අයෙකු ලෙස රාජ්‍ය බුද්ධි සේවය 2014 වසරේදි සහරාන් හෂීම් හඳුනාගත් බවද නාලක ද සිල්වා   පැහැදිලි කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ මුල්වරට තමන්ගේ අවධානය යොමු වුයේ 2015 වසරේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය රාජකාරි ඇරඹිමෙන් පසුව බවයි.

2017 වසරේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට පැමිණි වලිඋල්ලා නමැති සංවිධානයක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රචණ්ඩ හැසිරීම පිළිබඳ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර තිබු අතර හිටපු පොලිස්පතිවරයා අදාළ කණ්ඩායම තමන් වෙත යොමු කිරීමෙන් පසු ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කළ බව නාලක ද සිල්වා  ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

අදාළ විමර්ශනය අවසානයේ තමන් පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදුන් අතර එහිදි පොලිස්පතිවරයා විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වෙබ් අඩවිය සහ එහි මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් කැඳවූ බව ඔහු කීවේය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වෙබ් අඩවිය ඒ වන විට අක්‍රීයව තිබු බවත්, මුහුණු පොත්ද යාවත්කාලින වී නොතිබු බවට තමන් පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදුන් බව නාලක ද සිල්වා කීවේය.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමන් ගොනු 14ක් පවත්වාගෙන ගිය බවත් 2017 වසරේ මාර්තු මස සහරාන් හෂිම් කාන්තන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමග ගැටීමක් ඇතිකර ගැනීමෙන් පසු ඔහු අතුරුදහන් වී සිටි බැවින් ඔහුව සෙවීමට කල්මුණේ එකකයේ සිටි මුස්ලීම් නිලධාරියෙකු පත්කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කිවේය.

කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු අදාළ ගැටුමෙන් පසු සහරාන් හෂිම් ප්‍රචණ්ඩ අන්තවාදය දක්වා පැමිණ ඇති බව තමන් නිරීක්ෂණය කළ අතර ඔහු ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම්ගත් බවද නාලක ද සිල්වා කීවේය.

ඒ අනුව 2018 ජුලි මස 09 දින අධිකරණයට කරුණු වාර්තාකර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරේන්තුවක් ලබාගැනීමට තමන් කටයුතු කළ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළේය.

කෙසේ වෙතත් එතැන් පටන් තමන්ව අනිවාර්යය නිවාඩු යැවු සැප්තැම්බර් 20 වැනි දින දක්වා වු මාස 03කට ආසන්න කාලය තුළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශ යොදවා සහරාන් හෂිම්ගේ බිරිඳගේ නිවස, කුරුණෑගල, කාත්තන්කුඩිය ආදි ප්‍රදේශ වල ආවේශන රාජකාරි සිදුකළද සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට තමන්ට නොහැකි වු බව නාලක ද සිල්වා  සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

විවෘත වරෙන්තුව ලබාගත් පසු සතිපතා කරුණු වාර්තා කිරීමට තමන් එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර හමුවු අවස්ථාවේදි  ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ යනුවෙන් සහරාන් පිළිබද විමසු බවත්, සොයාගන්නට නැහැ යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් නාලක ද සිල්වා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ තමන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භරාව රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සතිපතා සදුදා දින පොලිස්පතිවරයාට වාර්තාවක් සැපයු අතර රාජකාරි භාරගත් දින සිට අනිවාර්යය නිවාඩු යැවු දිනය දක්වා සහරාන් හෂිම් සහ වෙනත් මුස්ලීම් අන්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්තා 87 කින් පොලිස්පතිවරයා දැනුවත් කර තිබු බවයි.

කෙසේ වෙතත් ඊයේ දින ජනාධිපති කොමිසම හමුවේ සිදුකළ මෙම සාක්ෂි ලබාදීමෙදී වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කියා සිටියේ තමන් පොලිස් සේවයෙන් වසරකට ආසන්න කාලයක් ඉවත්ව සිටීම හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් තමන්ට සාක්ෂිලබා දීමට අදාළ ඇතැම් කරුණු අමතක වී ඇති බවයි.

මෙහිදි සාක්ෂිකරු විසින් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සිදුකළ පැහැදිලි කිරීමක්ද කරුණු කොටගෙන ජනාධිපති කොමිසම විසින් නැවත වෙනත් දිනයක නාලක ද සිල්වා  සාක්ෂි විමසීම සදහා කැඳවීමට තීරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ පරිසර නිලධාරියා කපා කොටා දැමූ මැරයෝ කොටු වෙති

Next Post

මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.