පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුට කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් එම ඒකකයේ විමර්ශන අධ්‍යක්ෂ ජේෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 46 කෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පොලිස් නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම මේ වන විට සිදු කරමින් පවතී.
එමෙන්ම එම පොලිස් නිලධාරියා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සාක්ෂි විභාගය සිදුකරන ස්ථානයට පැමිණියේ ද යන්න පිළිබඳවද සොයා බලමින් පවතින බව එම කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.
මේ වන විට පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂි විභාග කටයුතු තාවකාලිකව නතර කර ඇත.
විවිධ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 2500ක් පමණ මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන තුළ සහ නිවාසවල නිරෝධායනයට ලක් කරමින් සිටින බවද වාර්තා වේ.